ඉතාලියේ ඉන්නවානම් SPID එකක් තියෙන්නම ඕනා.

SPID (IL SISTEMA PUBBLICO DI IDENTITÀ DIGITALE)

SPID එකකින් ලොග් වෙන්න පුළුවන් මහජන සේවා සපයන ආයතන ගණනාවකම තියෙනවා.

  • Inail
  • INPS
  • Agenzia delle entrate
  • Ministero del trasporto
  • Il portale dell’automobilista මේ කීපයක් පමනයි.

ඔබට SPID එකක් තියෙනවා නම් පෝලිම්වල රස්තියාදු නොවී නිවසේ සිටම ගොඩක් සේවා ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත්

  • CAP එකෙන් appuntamento එකක් වෙන් කරවා ගැනීම
  • Medico di famiglia මාරු කර ගැනීම
  • INPS එකෙන් තමන් මෙතෙක් කොපමණ contributi ගෙවා ඇත්දැයි බලා ගැනීම
  • INPS එක හරහා online රැකියා කොන්ත්‍රාත්තුවක් පිළියෙල කිරීම
  • අළුත් codice fiscale එකක් ඉල්ලුම් කිරීම

ඔය අතලොස්සක් පමණයි. තව ලොකු ලැයිස්තුවක්ම තියෙනවා.

SPID එකක් හදා ගැනීමට ඔබට මේ දේවල් අවශ්‍ය වෙනවා.

  1. වලංගු විද්‍යුත් ලිපිනයක් (email address )
  2. ජංගම දුරකථන අංකයක්
  3. carta di identità
  4. Tessera sanitaria

SPID එකක් සකසා ගැනීම පියවර 3කින් යුතුයි.

  1. මුලින්ම ඔබගේ විස්තර අඩංගු අයදුම්පත පිරවීම (i dati anagrafici)
  2. ශක්තිමත් password එකක් සකසා ගැනීම
  3. Riconoscimento (ඔබව හඳුනා ගැනීමකට ලක් කිරීම)

SPID , නොමිලේ ලබා දෙන එකක් උනත් ඔබව riconoscimento කරන ක්‍රමය අනුව අදාල ආයතනය යම් මුදලක් අය කරන්න පුළුවන්. web cam හෝ apuntamento එකක් මත ඔබව හඳුනා ගැනීම කෙරෙනවා නම් බොහෝ විට යම් මුදලක් අය කෙරෙනවා. පහත ආයතනවල web අඩවි වලි​න් (identity provider) , SPID එකක් සකසා ගන්න පුළුවන්.

Aruba, Infocert, Intesa, Namirial, Poste, Register, Sielte, Tim o Lepida.

 පොස්තාලෙන් SPID එක හදාගන්නේ කොහොමද?

කිසිම වියදමක් නැතුව SPID එක හදා ගන්න අවශ්‍ය නම් කලින් යොදා ගත්තු appointment එකක් සහිතව ඔබ පළාතේ තැපැල් කාර්‍යාලයට යන්න. සමහර ඒවල නම් දිනයක් වෙන්කරගැනීමට අවශ්‍ය නෑ.මේ සදහා උපරිම වැය වන්නේ විනාඩි 15 ක් පමනයි.ඔබ පොස්තාලෙට යන වි​ට අමතක නොකර

Tessera sanitaria, Carta d’identita අරගෙන යන්න.

Similar Posts