| |

ඔබගේත් ඉතාලි පුරවැසි ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වූවාද?

RIFIUTO- Istanza di conferimento della cittadinanza italiana
ඔබගේත් ඉතාලි පුරවැසි ඉල්ලුම් පත්‍රය පුතික්ෂේප වූවාද?

Ministero dell’interno හි ufficio Cittadinanza මගින් ඔබටත් මෙවැනි පණිවිඩ ලැබුනාද?

Il certificato penale è scaduto

  • ඔබ පුරවැසිභාවය ඉල්ලුම් කිරීමෙදී ඉදිරිපත් කරන ලංකාවෙන් ලබා ගත් පොලිස් සහතිකය වලංගු වන්නේ නිකුත් කල දින සිට මාස 6කි. (ඔබ අයදුම්පත ඉදිරිපත් කල පසු මාස 6 ඉකුත් වූවාට ගැටළුවක් නැත) ඔබ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේ එහි මාස 6 ඉක්මවා තිබුනේ නම්, Protocollazione කරන අවස්ථාවේදී ඔබගේ අයදුම්පත පුතික්ෂේප කරයි.

නමුත් ඔබට නැවත අවස්ථාවක් ලබා ගත හැක. ඔබ කල යුත්තේ නැවතත් පොලිස් සහතිකය ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් Legalize කරගෙන අලුතින් ඉතාලි පුරවැසිභාවය සදහා ඉල්ලුම් කිරීමයි. මෙහිදී ඔබ කලින් ඉදිරිපත් කල උප්පැන්න සහතිකය, ඔබ රජයට ගෙවන ලද යුරෝ 250 Contributo වවිචරය හා යූරෝ 16 මුද්දරය නැවත භාවිතා කල හැක.

 Mancanza di legalizzazione o apostille sull’ atto di nascita e sul certificato penale

  • මොකක්ද මේ පණිවිඩය? මෙහි අදහස ඔබ නියමිත පරිදි ඔබගේ උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් legalize කර නැති බවයි. මෙහිදීද නැවත මුල සිටම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල යුතුයි.
  • මෙය අප ලාංකිකයන් බොහෝ දෙනකු අවධානය යොමු කල යුතු කාරණයකි. ඉතාලිය පුරා ශාඛා බොහොමයක් පවත්වාගෙන යන ලාංකීය ඒජන්සියක් මගින් මෙම සහතික ස්ථිර පදිංචිය ඇති පලාතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහතික කිරීම පුමාණවත් යැයි වැරදි මතයක් සමාජ ගත කරමින් සිටී. එසේ කල බොහෝ අයගේ අයදුම්පත් Prefettura මගින් පුතික්ෂේප කර ඇත. හේතුව වන්නේ ලංකාව Convenzione Aja නම් වන l’abolizione (esenzione) della legalizzazione di atti ගිවිසුමට ඇතුලත් වී නැති නිසයි. ඔබත් මෙම ආකාරයට සහතික ඉදිරිපත් කලා නම්, ඒ පිලිබඳ සොයා බලන්න.

Art.9 della legge 5 febbraio 1992,n.91

  • ස්ථිර පදිංචිය අනුව පුරවැසිභාවය ඉල්ලුම් කිරීමෙදී , අවුරුදු 10ක නොකඩවා ස්ථිර පදිංචිය නොමැති අයදුම්පත්ද පුතික්ෂේප කරයි. ඔබ පුරවැසිභාවය ඉල්ලුම් කල අවස්ථාවේ සිට එය ඔබට ලැබෙන තුරැ වෙනත් රටක ස්ථිර පදිංචියට යා නොහැක. ඔබ වෙනත් රටක පදිංචි බව තහවුරු වූවහොත් ඔබගේ අයදුම්පත පුතික්ෂේප කරනු ඇත.

 පුරවැසි ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේ සිට පුරවැසිභාවය ලැබෙන තුරු ඔබ නියමකල අවම ආදායම පවත්වාගෙන යා යුතුයි.

  • ඉල්ලුම්කරැගේ ආදායම පුමාණවත් නොවේ නම්, Stato di famiglia හි සිටින පවුලේ වෙනත් සාමාජිකයෙකුගේ ආදායම ඉදිරිපත් කල හැක. පුමාණවත් නොවන ආදායමක් ඇත්නම් , ඔබගේ අයදුම්පත පුතික්ෂේප වනු ඇත. එක් අයෙකුට යූරෝ 8.263,31ක ආදායමක් අවශ්‍ය වන අතර බිරිද හෝ සැමියා අයදුම්කරැගෙන් යැපෙන්නේ නම් යූරෝ 11.362,05 ආදායමක් අවශ්‍ය වන අතර ඔබෙන් යැපෙන සෑම දරැවෙකුට ම යූරෝ 516,00ක් එකතු විය යූතුයි.

Art. 5 della legge 5 febbraio 1992, n.91

  • ඉතාලි පුරවැසියකු සමග ඇතිවු විවාහයෙන් පසුව ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමෙදී, එකම ස්ථානයක ස්ථිර පදිංචිය තිබිය යුතු අතර, විවාහයේ සිවිල් බලපෑම් විසුරුවා හැරීම, අවලංගු කිරීම හෝ නතර කිරීම සිදු නොවිය යුතුය. එය එසේ නොවේ නම් ඔබගේ අයදුම්පත පුතික්ෂේප වනු ඇත.

 2018 දෙසැම්බර් 4 වන දින සිට ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත ඉදිරිපත් කරන සියලුම දෙනා ඉතාලි භාෂා දැනුම

  • මෙහිදී අඩුම B1 මට්ටමේ සහතිකයක් ඉදිරිපත් කල යුතුයි. (A. Titolo di Studio rilasciato da un istituito pubblico o paritario o all’estero riconosciuto da MIUR /MAECI B.Certificazione rilasciato da Università per Stranieri di Siena/ Perugia, Università di Roma Tre e Società Dante Alighieri)
  • ඔබත් 2018/12/4 දිනට සිට අයදුම්පත් යොමු කල අයකු නම් , මෙම සහතික ඉදිරිපත් කීරීමට අපොහොසත් වූවා නම් , ඔබගේ අයදුම්පතද පුතික්ෂේප වනු ඇත.
  • Accordo di integrazione – සමාජ ගත වීමේ ගිවිසුමට අත්සන් කර ඇති පුද්ගලයන් හා Permesso di soggiorno UE per soggiornante di lungo periodo ඇති පුද්ගලයන් භාෂා දැනුම පෙන්වීමට සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය නැති බවත් මතක තබා ගන්න.

ඉහත දැක්වෙන්නේ අයදුම්පත් පුතික්ෂේප වීමේදී ලැබෙන පණිවිඩයන්හි ජායාරූප කිහිපයකි. හුදෙක්ම ඔබ කාගේත් දැනුම සදහා ලියූ ලිපියක් මිස මෙම රැකියාවන් වල නියුතු ආයතන හා පුද්ගලයන් අපහසුතාවයට පත්කිරීමට අදහස් නොකරන අතර උපදෙස් ගැනීමට යා යුතු ස්ථාන තෝරා ගැනීමට ඔබ සැමට මෙම ලිපිය උපකාරයක් වනු ඇතැයි සිතමි. ස්තූතියි!

Similar Posts