මානසික ආතතියෙන් ඔබත් පෙලෙනවාද?

ඉතාලියේ වෙරෝනා නගරය තුල සිදුවූ සිද්ධිය තුල අපි මහත් කම්පනයට පත්වී සිටින්නෙමු. මෙය කියවන ඔබටත් මටත් හෙට මෙවැනි සිදුවීමක් වලක්වා ගැනීමට පෙරමුණ ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද?

ශ්‍රී ලාංකීක සංස්කෘතිය අනුව හැඩගැසුනු අපිට ජීවීතේ ප්‍රශ්න වලදී ඇතිවන ලොකුම අපහසුතාවය සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමද කියල? අනිත් අය අපිව අඩු තක්සේරු කරයි කියන බයත් මේ සමග ඇතිවෙනව.
සමාජෙට බයේ ලෝකෙට පේන්න ජීවත් වෙද්දි කවද හරි අපේ මානසිකත්වය පුපුරා යනව. පවුල තුල ඇති නොගැලපීම් නීසාත් බීමත්කම,මත්ද්‍රවය හෝ අනිසි සම්බන්ධතා නිසා මෙහි පවුල් තුල ගැටුම් වැඩියි. එතනින් එලියට විසිවෙන දරුවන් බොහෝ දුරට නවතින්නෙ Casa Accoglienza වල. ලස්සනට පවුල​ක් වෙලා හිටිය අම්මයි දරුවොයි තනු උනාම අපි කරන්නෙ හිනා වෙන එක? ඉස්සර ලොකුකම දැන් හොද වැඩේ කියල.

අපි හැමෝටම පුලුවන් ඇහුම්කන් දෙන්න. Medico කෙනෙක්ට ‍යොමුකරන්න. අපේ කෙනෙක්ව කොන් නොකර ඉන්න. සමාජෙට ගන්න. සල්ලි,බිරිද,සැමියා නැතිවුනත් එයාව අපිට වටිනව කියල පෙන්නන්න. අපිට පුලුවන් ඇහුම්කන් දෙන්න. කවුරු නැතත් මම ඉන්නව කියල කියන්න. Caffe එකක් බොන්න එලියට එක්කන් යන්න. Spesa ටිකක් කරල දෙන්න.
අපි උත්සාහ කරමු එකට එකතුවෙලා අපේ අයට අත්වැලක් වෙන්න.

ඉතාලියේ තිබෙන සමිති හා සංවිදානත් මේ කාරනාව ගැන අවදානය යොමු කරනවා නම් අපේ අය වෙනුවෙන් යහපත් දෙයක් වේවි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *