|

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලැබුනද?

ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත් එරටදී භාවිත කිරීමට අවසර දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකඟ වූ බවයි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමක් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉතාලි තානාපතිනිය වෙත යොමු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ අවසරය හිමිවී තිබේ.

අද දිනයේ ලංකාවේ ප්‍රදාන මාදය නාලිකා හා පුවත් පත් මේ ගැන සදහන් කර තිබුනත් මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලාංකීය තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එය මෙලෙසයි.

අද දින ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය‍ය වල සහ සමාජ මාධ්‍ය වල ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි ජනරජය තුළ භාවිතා කිරීම් පිළිබඳව පළ කරන ලද ප්‍රවෘත්තිය පදනම් විරහිත බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටිනු ලැබේ. තවද ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය පිළිගැනීම් සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම් අලුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දෙරටේ රජයන් විසින් ක්‍රියා ක්‍රියාත්මක කරමින් පවතින අතර, එම ගිවිසුම් අලුත් කිරීමේ කටයුතු අවසන් වූ වහාම ඒ පිළිබඳ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වෙත දැනුම් දීම​ට කටයුතු කරන බව දන්වා සිටිමු ලැබේ.

Similar Posts