ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.

කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලය Covid-19 වැළැක්වීම සඳහා ගෙනඇති ක්‍රියා මුල් කොටගෙන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සහ කොන්සියුලර් සේවා ක්‍රියා පටිපාටි වැඩි දියුණු කිරීම සඳහා, ශ්‍රි ලංකා බලධාරීන් විසින් නිකුත් කරනලද ලියකියවිලි ඉතාලියේ භාවිත කිරීමට ලෙගලයිස් කිරීම සඳහා කොන්සියුලර් සේවා ලබා දීම කුරියර් සමාගමක් මගින් සිදුවන බව දැනුම් දී ඇත .


මේ සේවා 2020 සැප්තැම්බර් 14 සිට පරික්ශන මට්ටමෙන් පමනක් සිදුකරනු ලැබේ.ගම්පහ, කොළඹ සහ පුත්තලම් යන දිස්ත්‍රිකවලට අයත් අයගේ ලියවිලි 2020 සැප්තැම්බර් මස 21 වන දින සිට භාරගනු ලැබේ.
එබැවින් ඕනෑම අයදුම්පතක් පුද්ගලිකව ඉදිරිපත් කිරීමට තවදුරටත් ඉඩක් නොමැත. Appointment)
“Prenota Online” email හරහා දින වෙන් කර ගැනීමක් තවදුරටත් අවශ්‍ය නොවේ.


නව ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වන්නේ සේවය සපයන්නන් වන Pronto Lanka, Forsiter Global Services සහ International Organization for Migration (IOM) සමඟය.
නීතිගත (legalize) කිරීම් ඉල්ලීම් ඉදිරිපත් කල හැක්කේ බලයලත් Pronto Lanka ශාඛා හරහා (ලැයිස්තුව) පමණි.


Pronto Lanka Courier සේවාව හරහා, Forsiter Golbal Services වෙත අදාල ලියකියවිලි සමග අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු එම සහතික පත් ඉතාලි භාශාට පරිවර්තනය කර එම ආයතනය මගින් විමර්ශන හා ලෙගලිස්සාරේ කටයුතු සදහා තානාපති කාර්‍යාලයට යොමු කෙරෙනු ඇත.


වැදගත්: ඉතාලි භාෂාවට පරිවර්තනයන් Forsiter Global Services විසින් පමණක් සපයනු ඇති බවත්, වෙනත් අයගේ පරිවර්තනයන් භාරනොගන්නා බවත්තානාපති කාර්‍යාලය දන්වන අතර නියම කර ඇති ගාස්තු වලට අමතරව මුදල් ඉල්ලීමක් හා මේ සේවයේ අකාර්යක්ෂමතාවයක් තිබේ නම් මෙහි සදහන් ඊ මේල් ලිපිනයට දන්වන ලෙස තානාපතී කාර්‍යාලය ඉල්ලා සිටියි.

consolare.ambcolombo@esteri.it

Similar Posts