|

Bonus Trasporti 2023 සදහා තනිවම අයදුම් කරන ආකාරය සිංහලෙන්ම.

Bonus Trasporti 2023 අප්‍රියෙල් මස 17 වන දින ක්‍රියාත්මක වේ. මේ සදහා අයදුම් කරන පිලිවෙල අනුව තමයි බෝනස් මුදල ලබාදෙන්න තීරනය කර තිබෙන්නේ.

මේ සදහා මෙලෝනි රජය විසින් වෙන්කර තිබෙන මුදල යූරෝ මිලියන 100 කී. එක් පුද්ගලයෙකුට උපරිම යූරෝ 60 ක් දක්වා මේ සදහා වෙන්කර තිබෙනවා.

එමෙන්ම 2022 දී යූරෝ 20,000 නොඉක්මවන මුළු ආදායමක් ඇති සිසුන්, කම්කරුවන්, විශ්‍රාමිකයන් සහ පුරවැසියන් සඳහා යුරෝ 60 දක්වා ප්‍රතිලාභය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ප්‍රවාහන බෝනස් සඳහා ඉල්ලුම් කළ හැක්කේ කාටද?

2022 වර්ෂයේදී යුරෝ 20,000.00 නොඉක්මවන මුළු ආදායමක් ලබා ඇති පුද්ගලයින්ට මෙයට අයදුම් කල හැ​ක. ප්‍රසාද දීමනාව තමන් වෙනුවෙන් හෝ තමන්ගෙන් යැපෙ​න ප්‍රතිලාභියෙකු සඳහා ඉල්ලා සිටිය හැක. අයදුම්කරු SPID හෝ ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත (CIE) මගින් ලොග් වී මෙයට ඉල්ලුම් කල හැ​ක. උදාහරණයක් ලෙස දෙමාපියන්ට බාලවයස්කාර දරුවෙකු සඳහා ප්‍රසාද දීමනාව ඉල්ලා සිටිය හැක. මේ සදහා අයදුම් කරන ආකරය. මේ සදහා මෙම ලින්ක් එක හෝ ගූගල් කරලා ලින්ක් එක ලබාගන්න පුලුවන්. http://bonustrasporti.lavoro.gov.it

 

Similar Posts