Colf | Badanti | Baby Sitter රැකියා සදහා 2023 වසරට යූරෝ 1500 ක වාර්ශික වැටුප් වැඩි වීම​ක්.

2023 ජනවාරි 01 වනදා සිට Colf, badanti e baby sitter රැකියා කරන පුද්ගලයින් සදහා වාර්ශීකව යූරෝ 1500 ක් එනම් මාසිකව යූරෝ 125 ක් වැටුප් වැඩි කිරීමක් ලබාදීමට තීරනය වී තිබෙනවා.

Istat දර්ශකයට අනුව විදුලි බිල්පත් හා ගෑස් බිල්පත් වැඩිවීම, භාණ්ඩ හා සේවාවන් හී මිළ ඉහල යාම, ඉතාලියේ ජීවන වියදම ඉහල යාම වැනි කරුණු පදනම් කරගෙන මෙම වැටුප් ඉහල දැමීම සිදු කෙරෙනු ඇතී.

දැනට ඉතාලියේ පවතින උද්ධමයට සාපෙක්ශව මෙම වැටුප් වැඩි වීම උද්ධමයට සාපේක්ශව 80% ක් දක්වා ගලපා තිබේ. මෙය මෙම රැකියා කරන පුද්ගලයින්ගේ පැත්තෙන් බලන විට වඩාත් හොද තීරනයක් වන අතරම කාසියේ අනිත් පැත්තේ සිටින සේවායෝජකයාගේ එනම් ඔබව රැකියාවේ යොදවන පුද්ගලයාට මෙම මුදල වැඩි කිරීම ගෙවී​ම බොහෝ විට අපහසු කරනක් වෙන්නත් පුලුවන්.

මීට පෙරද රජයෙන් හදුන්වා දුන් දිරි දීමනාවන් හා වැටුප් වැඩි කිරීම් සමහර සේවායෝජකියින් ලබා නොදී සිටියදි 2023 ලැබෙන වැටුප් වැඩිවීම කොතරම් දුරට සාර්ථක වන්නේදැයි කිව නොහැකියි.

මේ වන විටත් ඔබගේ සේවායෝජකියින් මේ පුවත අන්තර්ජාලයේ හා රූපවහිනියේ දැක තිබෙන්න පුලුවන්. ඔබත් මේ රැකියා ඛාන්ඩයක කෙනෙක් නම් ඔවුන්ගෙන් මේ පිළිබදව විමසා බලන්න. මෙම වැටුප් වැඩිවීම ඔබ දෙගොල්ලන්ගේ එකගතාවය මත සිදුකිරීමට වගබලාගන්න.

ඔවුන් යම් ආකරයකට එය නොදී සිටී නම් නීතිමය උපදෙස් පැතීමත් ඉන්පසුව දිගටම ඒ රැකියාවේ නිරතවෙන්න පුලුවන්ද යන ගැටලුවත් ඇතිවිය හැකියි. තීරනය ඔබ සතුයි.

 

 

Similar Posts