රැකියාවට අත්වැලක් 01 Corso di Sushi

ඉතාලියේ වෙසෙන ලාංකීකයන් හට තම රැකියාව කිරීමේදී ඇතිවන ගැටලුවක් තමයි වෘත්තිමය පළපුරුද්ද හා පුහුනුවක් නොමැතිවීම.මේ නිසාම අපි සිතුවා ඔබ වෙනුවෙන් ඔබගේ රැකියාවට අවශ්‍ය වෘත්තිමය පලපුරුද්ද ලබාගැනීමට අවශය වන පාඨමාලා කීපයක් නොමිලේ ලබාදීමට. මෙය ඔබට

  • ඔන්ලයින් ක්‍රමයට
  • පාසලක් මාර්ගයෙන්
  • ආයතනයක් මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරනවා.

මේ සෑම දෙයක්ම නොමිලේ ලබාදීමට තමයි අප කටයුතු කරන්නේ.ඒ වගේම මේ දේවල් නොමිලේ ඉගෙන ගැනීමට තිබෙන පාසල් සියල්ලම පිලිබදව ඔබව දැනුවත් කරන්වා.

මෙහි පළමු අදියර වශයෙන් Sushi කෑම පිලියෙල කරන ආකාරය online පාඩම් මාලාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. අපි බලමු මේ සඳහා කොහොමද ලියාපදිංචිචි වන්න කියා.

පලමුව මේ වෙබ් අඩවියට යොමුවන්න.ලින්ක් එක පහතින් සදහන් කරන්නම්.

VAi al Corso Online

Iscriviti Al Corso
මුලින්ම ඔබ මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න ඕනා.මේ ටික පුරවන්න.අමාරුවක් නෑනේ..

ඔබ ලියපදිංචි වුනාම මේ වගේ එකක් එයි.

මීලගට ඔබ කරන්න ඕනේ ඔබ ලියාපදිංචි වීමේදී ලබාදුන් ඊමේල් එකට යන්න.ඒකට ලින්ක් එකක් ඇවිල්ලා තියෙනවා.ඒක ක්ලික් කරලා ඔබ දුන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙන්න.ඊට පස්සේ පහත ආකරයට

vai al Corso online කියන එක ක්ලික් කලාම ඔබට පාඩම් මාලවට යන්න පුලුවන්.

මෙම නොමිලේ ලබාදෙන පාඨමාලාව යටතේ පහත් සඳහන් දේවල් අන්තර්ගත වනවා

  • PREPARAZIONE DEGLI INGREDIENTI PER IL SUSHI
  • PREPARAZIONE DEL NIGIRI
  • PREPARAZIONE DI MAKI
  • URAMAKI
  • PREPARAZONE DEL FUTOMAKI
  • TEST – SUSHIAMO! CORSO DI SUSHI PROFESSIONALE

පලමු වීඩියෝ එක බලලා දෙවෙනි එක බලන්න නම් පලමු විඩියෝ එක තියෙන සයිට් එකේ යටම තිබෙනවා මේ වගේ එකක් ඒක ක්ලික් කරලා ඔබට මෙය Capitolo successivo ලබාදෙන්න. එවිට ඊලග පාඩමට ඔබට සහබාගිවෙන්න පුලුවන්

නිවසක රැකියාවක් කරන්න ඔබට වගේම රෙස්ටුරන්ට් එකක රැකියාවක් කරන ඔබටත් මේ දේ බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි යයි විශ්වාස කරනවා. ඒ නිසා කම්මැලි නොවී මුලු පාඩමම හොඳින් නරඹන්න. ඉන්පසු ඔබත් නිවසේදීම උත්සාහ කරන්න. මෙය ඔබගේ වෘත්තිමය ජිවිතයට පිටුවහලක් වූවායැයි මා විශ්වාස කරනවා.

Similar Posts