ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සදහා LIVELLO B1 සහතිකය සියලුම දෙනාහට අවශ්‍යද?

මෑත දිනයන් හීදී ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් විශාල දෙනෙකුගෙන් ෆේස්බුක් හරහා SALVINI ආඥා පනත හෙවත් 2018 ඔක්තෝම්බර් මස 4 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 113 නීති කෙටුම්පත පිලිබදව හා ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීම පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ ඉතාලි භාශා සහතිකය (LIVELLO B1) සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා.

ඉතාලියේ නීතිය පිළිබද නිසි අධ්‍යනයකින් හෝ දැනුමක් සහිතව සකස් කරන්නාවූ ලිපියක් කියවීමටද, අන්තර්ජාලයේ මුදා හරින්නාවූ නිවැරදී කරුණු සහිත ලිපි තෝරා ගැනීමටද, එම කරුණු පිළිබද නිවැරදි අවබෝදයක් ලබා ගැනීමටද, ඉතාලියේ ජිවත් වන ලාංකිකයන් තම අවධානය යොමු කිරිම සතුටට කාරණයකි. ඉතාලි පුරවැසි භාවය අයදුම් කිරීම සදහා SALVINI ආඥා පනත විසින් හදුන්වාදුන් ඉතාලි භාශාව පිලිබද සහතිකය (LIVELLO B1) “ඉතාලි ජාතිකයකු සමග විවාහය හේතුවෙන් ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරිම” (5 වන වගන්තිය) සහ “ඉතාලියේ වසර 10 ක ස්ථීර පදිංචිය හේතුවෙන ඉතාලි පුරවැසි භාවය ඉල්ලුම් කිරීම” භාෂා සඳහා පොදු යුරෝපීය රාමුවට අනුව ලබා ගත යුතු වනවා (QCER).

එසේ නොමැති වුවහොත්, ඉතාලි පුරවැසිභාවය අපේක්ෂකයන් විසින් හඳුනාගත් ඉතාලි භාෂා දැනුමෙන් ලබාගත් සහතික ඉදිරිපත් කල හැකියි.

තවද මෙම සහතික පත්‍රය ඉතාලියේ අධ්‍යාපන හා විශ්වවිද්‍යාල පර්යේෂණ, විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශය විසින් පිළිගත් සහතික කළ ආයතන හතර වන:

1. පෙරූජා විශ්වවිද්‍යාලය 2. සියේනා විශ්වවිද්‍යාලය 3. රෝමා ත්‍රේ විශ්වවිද්‍යාලය 4.දාන්තේ අලිගියෙරි අධ්‍යාපන ආයතනය සහ ඊට සම්බන්ධ ජාතික හා අන්තර්ජාතික ආයතන මගින් මෙම සහතිකය ලබා ගත යුතුය.

විශේෂයෙන් සදහන් කල යුතු වන්නේ ඉහත සදහන් ඉතාලි භාශා සහතිකය (LIVELLO B1) “Accordo di integrazione” හෙවත් ඉතාලියේ ඒකාබද්ධතා ගිවිසුමට අත්සන් තැබූ විදේශිකයන්හට අවශ්‍ය වන්නේ නැත, තවද අංක. 286/1998 සහ ඩී. n. 179/2011, 4-bis වගන්තියට අනුව දිගුකාලින රැදී සිටීමේ වීසා බලපත්‍රය (Permesso di soggiorno UE per i soggiornanti di lungo periodo) හිමි විදේශිකයන්හට ඉහත සදහන් ඉතාලි භාශා සහතිකය (LIVELLO B1) ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීම සදහා අවශ්‍ය වන්නේ නැත.

සකස් කලේ, නීතිඥ සචිනි වර්ණකුලසූරිය Praticante Avvocato Abilitato Foro di Verona +39 388 6279735

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *