Badante සහා colf රැකියා කරන අයට යූරෝ 1000

Badanti e colf, යුරෝ 500 ක දීමනාවක් මාස 2 කට එකතුව යුරෝ 1000ක්.

අළුත් බෝනස් එකක් ඇවිත් තියෙනවා colf සහ badante අයට , අප්‍රේල්/මැයි මාස සඳහා. මේ මැයි මාසෙ ආපු Rilancio නමින් හැඳින්වූ අළුත්ම නීති ප්‍රතිපාදනයෙන් මේ බෝනස් එක හඳුන්වලා දීලා තියෙන්නෙ .

මාස 2ක කාලයකට යුරෝ 1000ක මුදලක් විදේශික සේවකයන්ටත් මේ යටතේ ලබා ගැනීමට අවස්ථාව තියෙනවා .

කොහොමද මේ බෝනස් එක ක්‍රියාත්මක වෙන්නෙ? මොනවද සැපිරිය යුතු මූලික සුදුසුකම්?? මේක දැනටමත් අනුමතයි.. තව ටික දවසකින් ගැසට් එකකින් එලියට එයි.

කලින් ආපු decrero CURA වගේ ඒවයේදී කොරෝනා උවදුර හමුවේ අඩු පැය ගණනක් හෝ සම්පූර්ණයෙන්ම රැකියාව අහිමි වෙලා හිටිය colf,badanti කොටස් සැලකිල්ලට ගැනුනේ නැහැ .. මෙයින් බලාපොරොත්තු වෙන්නෙ ඒ කොටස්වලට සහනාධාර දීමනාවක් ලබා දෙන්න.

මේ සුදුසුකම් සපුරන අයට ඉල්ලුම් කරන්න පුළුවන් .

2020 පෙබරවාරි 23 වන දිනට රැකියා ගිවිසුම් එකක් හෝ කිහිපයක් තිබුනු අය, මුළු පැය ගණන පැය 10 ඉක්මවිය යුතුයි

සේවා යෝජකයා සමග එකට ජීවත් නොවිය යුතුයි

කොරෝනා උවදුර හේතුවෙන් අවම වශයෙන් 25%ක සේවය කල පැය ගණනේ අඩු වීමක් සිදුව තිබිය යුතුයි

මීට කලින් ආපු decreto CURA එකේ 27,28,29,20,28 articoli වලින් හඳුන්වා දුන් බෝනස් ගත්ත යටත් මේකට ඉල්ලුම් කරන්න බැහැ

disoccupazione (NASPI) ගනා අයටත් මේක් ඉල්ලුම් කරන්න බැහැ

Reddito di Emergenza ඉල්ලුම් කල අයටත් මේ බෝනස් එකට හිමිකම් කියන්න බෑ

පෙන්ෂන් එකක් හෝ invalidita දීමනාව ගන්න අයටත් මේක ඉල්ලුම් කරන්න බැහැ. (all’articolo 1 della legge 12 giugno 1984, n. 222;)

ගෘහ සේවය හැර වෙනත් ක්ෂෙත්‍රයක දිගුකාලීන රැකියා ගිවිසුමක් තියෙන අයටත් මේකට දාන්න බැහැ


දැනට Reddito di Cittadinanza ගන්න ගෘහ සේවකයන්ටත් මේකට ඉල්ලුම් කරන්න පුළුවන් .. හැබැයි එයාලට ලැබෙන්නෙ Reddito di Cittadinanza එකෙන් ලැබෙන දීමනාවේ සිට මේ බෝනස් එකෙන් ලැබිය හැකි උපරිම දීමනාව අතර වෙනස පමණයි..

අප්‍රේල්, මැයි මාස දෙකට, එකමසකට යුරෝ 500ක් ලෙස, යුරෝ 1000ක දීමනාවක් එකවර ලැබෙනු ඇති.

කොහොමද ඉල්ලුම් කරන්නෙ?


දොමන්දා දාන්න පුළුවන් patronato කෙනෙක් වෙතට යාමෙන්.
Online ත් දොමන්දා පුරවන්න පුළුවන් වෙයි ඉදිරියේදී.


කොහොම උනත් තවම ගැසට් කරල නැහැ.. ඒ නිසා දැනට දොමන්දා දාන්න බැහැ..හැබැයි අර කලින් කියපු ගෘහ සේවයේ යෙදුනු කොටස්වල පොකට් එකට යුරෝ 1000ක් එන එක නම් ස්ථිරයි . පොඩි දවසක් ඉවසන්න.

SUJITH YADDEHIGE 20/05/2020

Similar Posts