Bonus Famiglia 2019

2019/01/16 වෙනිදා සිට නැවතත් Bonus Famiglia සදහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.
01/01/2019 සිට 30/06/2019 කාලය තුල අනාරක්ෂිත තත්වයක (condizione di vulnerabilità) පසුවන ගර්භණී කාන්තාවන් ට හා දරැවෙකු දරැකමට හදා ගැනීමට ගන්නා පවුල් වලට මෙම ආර්ථික සහනය ලබා ගැනීමට ඉල්ලුම් කල හැක.Regione Lombardia හි පදිංචි ගර්භණී මවිවරැන්ට (01/01/2019 සිට 28/02/2019 දරැවන් ප්‍රසූත කරනා කාන්තාවන් ද ඇතුලත්ව) මෙම ආර්ථික සහනය ලැබීමට සුදුසු කම් ලබයි. පහත ආකාරයට Bonus Famiglia 2019 මුදල් ලබා දීමට තීරණය කර ඇත.

1. ගර්භණී තත්වය

€ 1500.00 වාරික 2 කින්. පලමු වාරික​ය ඉල්ලුම් පත්‍රය අනුමත කල දින සිට දින 60 ක් ඇතුලත / තමන්ටම වෙන්වු වයාපෘතියක් (Servizi sociali del comune, Centri aiuto alla vita) ඇත්නම් දින 30ක් ඇතුලත
දෙවනා වාරිකය දරැවා ඉපදී දීන 30 ක් ඇතුලත උප්පැන්න සහතිකය හෝ Tessera Sanitaria- සෞඛ්‍ය සේවා කාඩ්පත ඉදිරිපත් කල පසු.

2. දරැකමට දරැවෙකු හදා ගැනීම

€ 1500.00 එකවර ගෙවීම ( ඉල්ලුම් පත්‍රය අනුමත කර දින 60 ක් ඇතුලත)

3. නිවුන් දරුවන් ලැබෙන විට/ දරැවන් හදා ගැනීම

ආර්ථික සහනය දරැවන් ගේ පුමාණය මත ගුණාකාරයකින් ලැබෙනු ඇත.

01. ගර්භ​නී තත්ව​ය.

ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්.

  1. දෙමව්පියන් දෙදෙනාම Regione Lombardia හි අවුරුදු 5ක නොකඩවා ස්ථිර පදිංචිය තීබීම.

2. සාමාන්‍ය ISEE අගය €22,000 ට අඩු වීම හා යාවත්කාලීන කර තිබීම.

3. අනාරක්ෂිත තත්වයකින් පසු වීම (නිවාස, සෞඛ්‍ය, වෙනත්) මෙය Valutazione della condizione di vulnerabilità මගින් ඉදිරිපත් කල යුතුයි. එම සහතිකය කොමුනියේ assistenza sociale, centri aiuto alla vita හෝ Consultorio familiare පවත්වන සමිමුඛ සාකච්ඡා වකින් පසුව ලබා ගත හැක.

4. ගර්භණී භාවය සහතික කීරීමට පුසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ගෙන් දරැවා ලැබීමට නියමිත දිනය සහිත සහතිකය ක් තිබිය යුතුය.

5. කොමුනියෙන් හෝ ජාතික මට්ටමේ දරැ උපතකදී ලබා ගන්නා වෙනත් සහන ලබා නොගන්නා කෙනෙකු විය යුතුය.

ඉහත සුදුසුකම් ඇත්නම් ඕනෑම අවස්ථාවක ඉල්ලුම් කල හැක.

02. දරුකමට දරුවෙ​ක් හදා ගැනීම.

1 දෙමව්පියන් දෙදෙනාම Regione Lombardia හි නොකඩවා අවුරැදු 5 ක ස්ථිර පදිංචිය තිබිය යුතුයි.

2.සාමාන්‍ය ISEE අගය €22,000 ට අඩු වීම හා යාවත්කාලීන කර තිබීම

3. දරැවා හදා ගැනීමට ලබාගත් උසාවි නියෝගය 01/01/2019 දිනට පෙර නොවිය යුතුය.

වැදගත්ම දේ තමයි මෙම Bonus Famiglia මගින් ලබා දෙන €1500 ගන්නවා නම් 2019 දී ජාතික මට්ටමින් ලබා දෙන Bonus Bebè ලබා ගැනීමට නොහැක. එකම දරැවා ට මෙම සහනයන් දෙකම ලබා ගත නොහැක.

නමුත් එකම දරැවා ට මෙම BONUS FAMIGLIA € 1500 සහ BONUS MAMMA DOMANI € 800 ලබා ගත හැකියි. දැන් බලමු කොහොමද මේ සදහා අයදුම් කරන ආකාරය

2019/01/16 සිට www.bandi.servizirl.it හරහා අයදුම් කල හැක.
වැඩි විස්තර www.bandi.regione.lombardia.it හි Bando යටතේ තිබෙනවා.
අයදුම් කිරීම සඳහා Regione Lombardia හි සාමාන්‍යය Utente කෙනෙකු විදිහට ලියාපදිංචි වීමෙන්
හෝ SPID එකෙන් ඇතුල් විය හැකියි.නැත්නම් CNS – Carte Nazionale dei Servizi/ CRS මගින්

ඉහත ආකාරයට ලියාපදිංචි වීමෙන් පසු,

  • Scheda di vulnerabilità- අනාරක්ෂිත තත්වය
  • certificato di gravidanza- ගර්භණී තත්වය
  • sentenza di adozione- දරැවා හදාගැනීමට ගන්නා උසාවි නියෝගය
  • ඉල්ලුම් පත්‍ර යට අනිවාර්යයෙන්ම එකතු කල යුතු අතර අඩු පාඩු සහිත ඉල්ලුම් පත්‍ර නොසලකා හරිනු ඇත.

misurabonusfamiglia@regione.lombardia.it මගින් වැඩි විස්තර ලබා ගත හැක.
සුදුසුකම් ඇති ඉල්ලුම් පත්‍ර තෝරා ගැනීමෙදී අදාල ආයතන වලින් ලබා දී ඇති අනාරක්ෂිත තත්ව සහතිකය -Valutazione sulla vulnerabilità මත පදනම් වනු ඇත.

ඒ නිසා පුධානම ලියවිල්ල වන්නේ valutazione della vulnerabilità. තමන්ගේ පදිංචිය ට අදාල comune- Servizi sociali අංශය, ය Consultorio familiare හෝ Centro aiuto alla vita පලමුව ගිහින් උපදෙස් ලබා ගන්න . මොකද ඒ සහතිකය නැතිව ඉල්ලුම් පත්‍රය අසමිපුර්ණ ලෙස සලකනවා. CAF වලට සල්ලි ගෙවන්න කලින් ඒ ගැන හිතන්න. මොකද මම දැක්කා සමහර අය කියලා තියෙනවා අපිට රිසිට් එකත් ලැබුනා ගිය අවුරුද්දේ මුදල් ලැබුනේ නැහැ කියලා. Aspetti un figlio o ne hai adottato uno e ti trovi in una condizione di vulnerabilità? Puoi ricevere un contributo economico di sostegno. Scopri come

Similar Posts