|

Bonus bebè 2020

බෝ​නස් බේබි ප්‍රසාද දීමනාව.

මේ වගේ දෙයක් ලබාදීම ආරම්බකිරීමට ප්‍රදාන හේතුව විදියට මම නම් දකින්නේ ඉතාලිය තුල සිදුවන නල දරු උපත් ප්‍රමානයයේ අඩුවීමයි.මේ ප්‍රසාද දීමනාව නිසා අඩු ආදායම් ලබමින් සිටින පවුලක් වශයෙන් ජීවත් වන අයට නම් මේ මුදල ගොඩාක් ප්‍රයෝජනවත් වනවා. මීට අමතරව අඩු ආදායම් ලබන අය සදහා බොහෝ දීමනා ලබදීමට ඉතාලි රජය කටයුතු කරලා තිබෙනවා.

2015 අප්‍රියෙල් 10 වන දින සම්මත වූ පාර්ලිමේන්තු පනතක් යටතේ තමයි මේ දීමනාව ලබාදීම ආරම්භවූයේ.මීට පෙර මෙම දීමනාව දරුවාට අවුරුදු 03ක් වනතුරු ලබාදුන්නා.නමුත් මේ වසරේ සිට දරුවාට අවුරුද්දක් වන තුරු පමනයි මේ දීමනාව ලබාදෙන්නේ.

මෙය ලබාගත හැක්කේ කාහටද?

දරුවකු ඉපදී මාස 03ක් ඇතුලත මේ සදහා ඉල්ලුම් කල යුතුයි.එවිට දරුවාට වයස මාස 12ක් වන තුරු මේ දීමනාව ලැබෙනවා.සමහර විට ඔබෙට මෙවැනි ගැටලුවක් එන්න පුලුවන් ඔබ දරුවා ඉපදී තුන්වන මාසයේ ඉල්ලුම් කලොත් ඔබට ලැබෙන දීමනාව අඩුවෙනවා නේද කියා. එවැනි අවස්තාවකදී මුල් මාස තුනේ ප්‍රසා​ද දීමනාව ඔබ ඉල්ලුම් කල පසුව එකවරම ලැබෙනවා.

මෙම දීමනාව ලබාදෙන්නේ ඔබගේ වාර්ශීක ආදායම අනුවයි.ඒ නිසා ඔබගේ වාර්ශීක ආදායම් තක්සේරුව නොහොත් Isse එක මේ සදහා ඉදිරිපත් කල යුතුයි.ඉන්පසු ඔබට මෙම දීමනාව INPS ආයතනය මගින් ලබාදීමට කටයුතු කරනවා.

පලමු දරුවා හට බෝ​නස් බේබි ප්‍රසාද දීමනාව මගින් ලැබෙන මුදල.

ISEE අගය 35000-40000 යි අතර අය සදහා මාසිකව 80 Euro ISEE අගය 7000-35000 යි අතර අය සදහා මාසිකව 120 Euro ISEE අගය 7000 ට අ​ඩු අය සදහා මාසිකව 160 Euro

දෙවෙ​නි දරුවා හට බෝ​නස් බේබි ප්‍රසාද දීමනාව මගින් ලැබෙන මුදල.

ISEE අගය 35000-40000 යි අතර අය සදහා මාසිකව 96 Euro ISEE අගය 7000-35000 යි අතර අය සදහා මාසිකව 104 Euro ISEE අගය 7000 ට අ​ඩු අය සදහා මාසිකව 192 Euro

මේ සදහා අයදුම් කරන්නේ කෙසේද?

මේ සදහා අයදුම් කිරීමට ක්‍රම තුන​ක් තිබෙනවා.

  • INPS වෙබඩවියේ රෙජිස්ටර් වීමෙන් ලැබෙන PIN එක මාර්ගයෙන්
  • Patronati ​හා Caf ආයතන මාර්ගයෙන්.
  • INPS ආයතනයට දුරකතනයෙන් අමතා ඔවුන් ඉල්ලන විස්තර ලබාදීම.

INPS ආයතනයේ දුරක්තන අංක 803 164 / 06 164164

තවද ඔබ මේ සදහා ඉල්ලුම් කල පසු ඔබ විසින් ලබාදෙන බැංකු ගිනුම සදහා මුදල් INPS ආයතනය මගින් බැරකරනු ලබයි.එම නිසා විස්තර ලබාදීමේදී හරියාකරව විස්තර ලබාදෙන්​න.

අසිලෝ නීඩෝ යන ලමුන් සදහා ලබාදෙන ප්‍රසාද දීමනාව ගැන ලිපිය ඔබ කියෙව්වේ නැත්නම් මේ ලිපිය බලන්න. https://www.italimigranti.com/bonus-asilo-nido/

https://www.italimigranti.com/bonus-asilo-nido/

Similar Posts