රියදුරැ බලපත ඉතාලියට.

ලංකාවේ රියදුරැ බලපත ඉතාලියේ රියදුරැ බලපතක් ලෙස මාරැ කරගන්නෙ කොහොමද?

රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට අදාළව පැවති ප්‍රධාන කොන්දේසි පහත ලෙස වේ.

  1. ඉතාලියෙහි පදිංචිය තහවුරු කිරීම සඳහා රෙසිඩන්ස් ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා.
  2. ඉතාලියෙහි පදිංචිය (Residenza) වසර 4 ට වඩා අඩුවිය යුතුය.
  3. ඔබගේ වලංගු ශ්‍රීලංකා රියදුරු බලපත්‍රය, ඉතාලියෙහි පදිංචියට (Residenza) පෙර ලබාගෙන තිබිය යුතුය.
  4. ඔබට දැනට ලංකාවේ රියදුරු බලපත්‍රය නොමැති නම් හා ඉතාලියෙහි රෙසිඩන්ස් නොමැති නම්, ඔබ පළමුව ලංකාවේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සිදුකල යුතුයි.

සිදුවෙන අකාරය.

  1. නිවැරදිව සම්පුර්නකරන ලද අයදුම්පත.
  2. ශ්‍රිලංකාවේ වලංගු රියදුරැ බලපත (මෙහි දෙපැත්තම එකම පිටුවන එන ලෙසගත් photo copy අයදුම්පතට අමුණන්න)
  3. ඔබගේ ගුවන්ගමන් බලපත්‍රය (මෙහි දත්ත ඇතුලත් පිටුව හා පිටු 1-5 දක්වා photo copy ) ඔබගේ ගමන් බලපතෙ නම හා රියදුරැ බලපතේ නමේ වෙනසක් ඇති නම් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක. ඒගැන අවදානය යොමුකරන්න
  4. ඔබගේ ඉතාලියේ ස්ටිර පදිංචිය තහවුරුකරන වාර්තාව (certificato di residenza storico con la data dell’immigrazione della srilanka මෙය ඔබ අදාල comunen ලබාගන්න)
  5. ඉතාලියෙ රැදිසිටිමේ බලපත (soggiorno මෙහි පොටෝ කොපියක් කල්ඉකුත් බලපතක් හෝ කොටකොලේ/රිචවූතෝ එක භාරගනු නොලැබේ)
  6. ඔබගේ ඉතාලි හැදුනුම්පත (එහි පොටෝකොපියක්)
  7. මේ සියලු දේ සමග ඔබගේ අයදුම්පත රෝමයේ තනාදිපති /මීලාන් කොන්සුයුලර් කාර්‍යාලයට භාරදෙන්න.Euro 42 මුදලක් ගෙවියයුතුය. ඔබ පිටවියාමට පෙර ඔබට ලබාදෙන කහ පාට රිසිට්පත ඉහල රියදුරැබලපත් අංකය (reference number) එක සදහන්ව ඇතිදැයි බලන්න. මෙය ඔබ  සුරක්ෂිතව තබාගත යුතුය මන්දයත් ඉතාලි රියදුරැබලපත ලබාගැනිම එය ඉතාලි මොටර් රථ දේපාර්තුමෙන්තුව්ට (italin motorizzazione) ඉදිරිපත්කල යුතුය. නැතිවු රිසිට්පත් වෙනුවෙන් රිසිට්පත් නිකුත්කරනු නොලබයි.
  8. අයදුම්පත භාර දි දින 14 පසු ඉතාලි මොටර් රථ දේපාර්තමෙන්තුවට (italin motorizzazione) එහි photocopy ඔබ ලග තබාගන්න.
  9. ඔබ කහපැහැති රිසිට්පත italin motorizzazione භාර දුන් පසු තානාපති කාර්යාලය හරහා එහි නිවැරදිභාව තහුරැකරගත් පසු එය ඉතාලියට පරිවර්තනය කිරිම ආරම්භ වේ. වැරදි හා අසත්‍ය තොරතුරැ ලබාදිමෙන් ඔබව නිතියේ රැහැනට අසුවිය හැක.
  10. ඉන්පසු ඔබට ඉතාලි රියදුරැබලපත ලබා දිමට ඉතාලි මෝටර් රථ දේපාර්තුමෙන්තුව කටයුතු සලයි. ඔබේ ලංකාවේ රියදුරැබලපත ඔවුන්ට ලබා දියයුතු අතර එය අවලංගු කේරේ. මේම කටයුත්ත සදහා ශ්‍රිලාංකා තනාදිපති කාර්‍යාලය හා ඉතාලි මොටර් රඨ ප්‍රවාහන ආයතන හැරෙන්න වෙනත් කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙක් සම්බන්ද නොවේ.

International licence එකෙන් ඉතාලියේ රිය පැදවිය හැකි ද?

ඉතාලියට අලුතෙන් එන කෙනෙකුට ඒ වගේ කෙනෙක් ඇවිත් රෙසිඩන්ට් දාල ලංකාවෙ ලයිසන් එක මෙහෙට මාරු කරගන්නකල් international එකෙන් අව්රුද්දක් drive කරන්න පුලුවන්. අමතරව සංචාරක, අධ්‍යාපනික, විශේෂ රාජ්‍ය චාරිකා වලට පිටරට සංචාරය කරන අයට පමණයි. ඉතාලියට පැමිනෙන කෙනෙක් වර්ශයක් අවසන් වීමට පෙර ඔහුගේ ස්තිර පදිංචිය ඉතාලිය තුල තහවුරු කලයුතුය. නැතිනම් ඔහුගේ රැදිසිටිමේ බලපත අහෝසිවිමට ද පුලුවන්. එම හේතුව මත ඉන්ටනැශනල් ලයිසන් එකෙන් රිය පැදවිය හැක්කේ සුලුකාලයකි. රටේ නිතීයට අපි ගරැකල යුතුය. Internationl එකෙන් ඊට වඩා රිය පදවන අය ද සිටී, නිතියට හසුවූපසු ඔබට දඩුවම් රිසිසේ විදගත හැක.

ACI එකට ගිහින් ඉතාලි එක Intermational කරන්න යුරෝ 35.50 ක් වගේ ගාණක් යන්නෙ. ඒක අවුරුදු 3 කට දෙනවා. අවශ්‍ය Documents ඉදිරිපත් කලාම සති 1-2 න් දෙනවා.

ඉතාලියට හරවා ගැනිමේදි අහිමිවෙන ලංකාවේ රියදුරැ බලපත නැවත ලබාගන්නේ කොහොමද?

මේ ය‍ටතේ ලබාගත හැක්කේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමනි. පරිවර්තනය කරනු ලබන දිනට වලංගු විදේශ රියදුරු බලපත්‍රය (තාවකාලික හෝ පුහුණුවන්නන් සඳහා වූ රියදුරු බලපත්‍ර මේ සඳහා වලංගු නොවේ)
අයදුම්කරු විදේශිකයෙකු නම්, මාස 06 කට වඩා වැඩි කාලයක් සඳහා වලංගු වීසා බලපත්‍රයක් සහිත අයදුම්කරු අනෙකුත් මාස හයකට වඩා අඩු කාලයක් වලංගු වීසා බලපත්‍රයක් පමණක් තාවකාලික දේශිය රියදුරු බලපත්‍රයක් සමග නිකුත් කරනු ඇති අතර ශ්‍රි ලාංකික රියදුරු බලපත්‍රයක් අයදුම් කිරීම සඳහා සුදුසුකම් ල‍ැබේ. රියදුරු බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍රය ඉංග්‍රිසි භාෂාවෙන් නොවන කල්හි

  • ලියාපදිංචි පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංග්‍රිසි භාෂා පරිවර්තනයක්
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  • විදේශ තනාපති සේවාවකට අයත් අයෙකු නම් එය සනාථ කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද ලිපිය
  • ශ්‍රී ලාංකිකයෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු නම් ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

ඉස්සෙල්ලාම ඔබ වේරහැර කාර්යාලයට යන්න අතින් ලිපියක් ලියා මගේ ඉතාලි රියදුරැ බලපත ලංකවේ බලපතට තාවකාලිකව හරවා දෙන්න කියා. ඉතාලියට එන්න යද්දි ඔබ නැවත එය ලිපියක් ලියා බාරදි ඉතාලි රියදුරැ බලපත ලබාගන්න.

රේසිඩන්ස් දාල අවුරැදු 4 පසු උන අයට නම් ඉතාලි විභාගය ලියලාම තමා ලයිසන් එක ගන්න වෙන්නෙ. වෙන විකල්පයක් නැත.අමාරැයි හැබැයි උත්සාහකලොත් බැරිත් නෑ. බැරිදේවල් ජිවිතේ නෑ උත්සාහකරන්න..

Similar Posts