ජනවාරි පලවනදා සිට ලංකාවට යන අයට අනිවාර්ය වන Health Declaration form එක පුරවන ආකාරය (සිංහලෙ​න්)

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලූම ගුවන් මගීන් දිවයිනට පැමිණීමට පෙර කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම  ගුවන් ගතවීම​ට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඇතුළත් සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත ඔන්ලයින් ක්‍රමයට එවිය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා සිටින්නේ.

ලබාගත් එන්නත් පිළිබඳ වාර්තා, කොවිඩ් වැලඳී නොමැති බවට තම ගමන පිටත්වීමට පෙර ලබාගත් වාර්තා, විදේශ ගමන් බලපත‍්‍රයේ දත්ත පිටුව ආදිය ඔන්ලයින් ක්‍රමයට එවිය යුතුය.පැමිණෙන මගීන් තමන්ගේ QR code අංකයේ මුල් කොපිය සන්තකයේ තිබිය යුතු හෝ සිය ජංගම දුරකථනයේ තැන්පත් කර තිබීම අනිවාර්ය වේ. මෙම නව රෙගුලාසි ලබන ජනවාරි පළමුවනදා සිට බලාත්මක වනු ඇති.

එම වාර්තා සළකා බැලීමෙන් පසුව එම ගුවන් මගියා, ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු මට්ටමක සිටී නම්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශවයෙන් තහවුරු කිරීමක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නිවේදනය කරනවා.

අපි දැන් බලමු මෙම වෙබ් අඩවියේ කෙසේද ලියාපදිංචි වන්නේ යන්න,

මුලින්ම මම වෙබ් අඩවියට ඇතුල් වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

එම වෙබ් අඩවියට ඇතුල්වුනාම ඔබගේ පවුද්ගලික විස්තර ඇතුලත් කිරීමට අවශයයි.
ඔබගේ ලිපිනය හා දුරකතන අංකය ඇතුලත් කිරීමේදි ලංකාවේ විස්තර ඇතුලත් කරන්න අමතක කරන්න එ​පා.මේ පියවර ඔබට ලෙහෙසියෙන්ම පුරවාගැනීමේ හැකියාව තිබෙනවා.

ඉන්පසුව කරන්න තිබෙන්නේ ඔබගේ ගුවන් ගමන් විස්තර ඇතුලත් කිරීමයි.මෙහිදී ඔබ ලංකාවට යාමට පිටත්වන රට,පිටවන දිනය හා ෆ්ලයිට් නම්බර් එක ඇතුලත් කරන්න. මෙතන යටම අහලා තිබෙනවා ඔබට කෝවිඩ් සැදිලා තිබුනාද යන්න.එයට උත්තරය නිවැරදිව ලබාදෙන්න. ඔබ YES  කියලා ලබාදුන්නොත් ඔබට කෝවිඩ් සැදී තිබුන කාලය ඇතුලත් කිරීමට සිදුවනවා.  ඉන්පසුව NEXT.

ඔබ පලමු පියවර අවසන් කල පසුව ඔබ මුලින් ලබාදුන් තොරතුරු වල නිවැරදිබාව​ය බලාගැනීමට ඔබ ඇතුලත් කල තොරතුරු නැවත ඔබට පෙන්වන​වා.යම් විදියකින් වෙනසක් කරන්න ඕනා නම් නැවත පලමු පියවරට ගීල්ලා වෙනස් කරගන්න.

දැන් තමයි ගොඩාක් දෙනෙක් වරද්දගන්න වගේම අමාරුම පියවරට එන්නේ. මෙම කොටසට ඇතුල්වෙද්දිම ඔවුන් කියන්නේ ඔබ මෙම වෙබ් අඩවියට චායාරූප ඇතුලත් කරන්න ඕන වෙන්නේ .JPEG/.PNG කියන ආකාරයටයි. ලෝකයේ බොහෝ ආයතන වල .PDF කියන ෆයිල් ටයිප් එකෙන් වෙබ් අඩවිවලට දත්ත ඇතුලත් කිරීම කලත් මෙම වෙබ් අඩවියට එම වර්ගයෙන් ෆයිල් ඇතුලත් කල නොහැකි.
බොහෝ විට ඉතාලියේ ඔබට ලැබෙන PCR රිපොට් GREEN PASS ලැබෙනුයේ PDF ආකෘතියටයි.

එසේනම් මෙම වෙබ් අඩවියට එම දත්ත ඇතුලත් කරන්න බෑ.ඒකට වෙනම වෙබ් අඩවියකට ගිහිල්ලා ඔබගේ ඩොකුයුමන්ට් ටික පරවර්තනය (CONvert) කරගන්න වෙන​වා.ඒ සදහා ලංකාවේ මෙම වෙබ් අඩවියෙන්ම වෙබ් අඩවි කිහිපයකුත් නම් කරලා තිබෙනවා.ඔබ ලග තිබෙන ඩොකුයුමන්ට් ටික PDF නම් එය JPEG සදහා පරිවර්තනය කරන්නේ මෙසෙයි.

අපි මේ සදහා smallpdf කියන වෙබ් අඩවිය බාවිතා කරනවා. මෙම ලින්ක් එක ක්ලික් කරන්​න.
Choose File කියන තැනින් ඔබගේ PDF ෆයිල් එක ලබාදී JPEG කරගන්න.

එහෙනම් අපි ඉතිරි විස්තර පුරවමු.

ඔබට කිවයුතු වැදගත්ම දේ නම් මෙම ඔන්ලයින් ෆෝම් එක පුරවන්න පුලුවන් ගුවන් ගතවීමට අවසන් දවසේ හෝ අවසන් පැය කිහිපයේ වෙන්න පුලුවන්.මක්නිසාදයත් PCR එකක් කලාම එහි ඔරතිපලය ඔබට ලැබෙන්න පැය 24 ක වගේ කාලයක් ගන්නවා.PCR රිපෝට් එක නොමැතිව මෙය කොහොමවත් පුරවන්න බෑ.

ඔබ එන්නත් ලබගත්තද නැද්ද යන්න මුලින්ම තෝරන්න. (මෙය එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙක් වෙනුවෙන් පුරවපු එකක් නිසා මම ඒ පියවරයන් කිහිපය ඔබට ඉදිරිපත් කරන්නම්.)
ඉන්පසුව ඔබ ලබාගත් එන්නතේ නම, ලබාගත් දිනය හා ලබගත් එන්නත පිලිබදව සහතිකය JPEG,PNG ආකාරයෙන් ඉදිරිපත් කරන්න. දැන් ගොඩාක් අයට ප්‍රශ්නයක් එන්න පුලුවන් පලමු එන්නත ගත්ත එක විදියට මොකක්ද ඉදිරිපත් කරන්නේ කියලා. මේ සදහා ඔබ පලමු එන්නත ලබගන්න දිනය වෙන්කරගත් කොලය හෝ පලමු එන්නත ලබාගත්තාම දෙවෙනි එන්නත ලැබෙන තෙක් ලබාදුන් GREEN PASS එක ඉදිරිපත් කරන්නත් පුලුවන්.

ඉන්පසුව දෙවෙනි එන්නත ලබාගත් දිනය, ලබාගත් එන්නතේ නම එන්නතේ සහතිකය ඉදිරිපත් කරන්න.

“කෝවිඩ් හැදුනාම එක එන්නතයි නේ දෙන්නේ.එතකොට මොකද කරන්නේ? , johnson and johnson එනනතනේ අපි ගත්තේ ඒකේ එක එන්නතක් නිසා අපි විස්තර ඇතුලත් කරන්නේ කොහොමද?

ඇත්තටම ඒකට මේ වෙබ් අඩවියේ විසදුමක් නෑ.ඔබට දැන් තිබෙන GREEN PASS එකේ විස්තරම තමයි පලමු එන්නතටයි දෙවෙනි එන්නතයි ලබාගත් විස්තර වෙනුවට ඇතුල​ත් කරන්න වෙන්​නේ. කොවීඩ් හැදුන අයට නම් මම පලමු පියවරේ සදහන් කල ආකාරයට කෝවිඩ් හැදුනා කියලා දාන්න නම් පුලුවන්.

ඉන්පසුව PCR රිපෝට් එකේ විස්තර ඇතුලත් කරන්න ඕනා.විතර ඇතුලත් කරලා NEGATIVE කියන එක තෝරන්න. පොසිටිව් නම් කොහොමත් යන්න බැහැ නේ.

ඉන් පසුව CONFIRM කරන්න.

මෙම පියවරෙන් පසුව ඔබ ලබාදුන්න ඊමේල් ලිපිනයට QR CODE එක ලැබෙනවා. ඔබට මෙය ප්‍රින්ට් කර හෝ තමාගේ දුරකතනයේ සේව් කරගෙන ලංකාවට ඉදිරිපත් කරන්න පුලුවන්.

සුබ ගමන්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *