|

ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන හැමෝටම වීසා ලැබෙනවද?

2023 වර්ශයේ දෙසැම්බ්‍ර ඉතාලි ඉතාලි වීසා නීතීයට අයදුම් කර මේ වන විට බොහෝ දෙනෙක්ට නුල්ලා ඔස්තා නිකුත් කිරීම ඉතාලියෙන් ආරම්බ කර තිබෙනවා.මෙම නීතියට අයදුම් කල ලාකීකයින් බොහෝ දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන පසුබිමක ඔවුන් මීලගට කලයුත්තේ කුමක්ද කියා දනුවත් කිරීම සදහා මෙම ලිපිය පලකරන්න සිතුවා.

නුල්ලා ඔස්තා එකක් කියන්නේ මොකක්ද?

මෙම ලිපිය ලංකාවේ සිටින අයත් කියවන නිසා මේ සරළ අර්ථයක් ලෙස, යම් කිසි පරිපාලන අධිකාරියක් විසින් නිකුත් කරන ලියවිල්ලක්,මෙමගින් අදාල පුද්ගලයාට වීසා නිකුත් කිරීමට ඉතාලියෙන් බාදාවක් නොමැති බවට සදහන් කර ලබාදෙන ලියවිල්ක් ලෙස අර්ථකතනය කරන්න පුලුවන්.

නුල්ලා ඔස්තා එකක් ඔරිජිනල් එකක්ද කියලා දැනගන්නේ කොහෙමද?

බැලු බැල්මට ෆේක් එකක්ද කියලා සොයාගැනීමට අපහසු විදියටම දැන් ගොඩාක් වංචාකරුවන් විසින් නුල්ලා ඔස්තා සංස්කරනය කිරීම සිදුකරනු ලබනවා. එම නිසා ඔබට නුල්ලා ඔස්තා එකක් ලැබූ විගස අදාල පුද්ගලයින් මුදල් ඉල්ලා සිටින්නේ නම්, වෙබ් අඩවියට ඇතුල්වී එම නුල්ලා ඔස්තා එක ඩවුන්ලෝඩ් කරන ආකරය විඩියෝ රෙකෝඩ් එකක් ඉල්ලන්න.

නුල්ලා ඔස්තා එකක් ලැබුනාම එය එම්බසියට පෙන්වලා චෙක් කරගන්න පුලුවන් කියලා  ස්පොන්සර් වීසා සදහා අයදුම් කල අයගේ whatsapp සමූහයේ කෙනෙක් දලා තිබ්බා.ඇත්තටම එහෙම ක්‍රමයක් නෑ. යම් කෙනෙක්ට එය කරගැනීමට ආවශය නම් එපයිමනට් එකක් අරන් වීසා ගාස්තු සමගම vfs ආයතයට ගුවන් ගමන් බලපත්‍රය ලබාදිය යුතු වනවා.එහිදි තමයි එය නිවැරදි එකක්ද කියා පරික්ශා කිරීම සිදුවන්නේ.එය ව්‍යාජ එකක් නම්,

      • පාස්පෝර්ට් එකට සීල් එකක ගහලා දෙන්න පුලුවන්
      • cid වෙත ඔබව යොමු කරන්න පුලුවන්.
      • පාස්පෝර්ට් එක කාලයක් එම්බසිය තුල රදවා පසුව නිදහ​ස් කරන්න පුලුවන් වගේ දේවල් වෙන්න පුලුවන්.

      ඒ නිසා හැකි හැම විටම පලමු ක්‍රමය බාවිතා කරන්න.

      නුල්ලා ඔස්තා එකක් ලැබුනාම ඒක පෙන්වලා ඉතාලි එන්න පුලුවන්ද?

      බැහැ. මම මුලින් කිව්ව වගේ මෙය ඉතාලියෙන් බාදාවක් නොමැති බවට සදහන් කර ලැබෙන ලියවිල්ලක් පමනයි.අවසන් තීරනය ගනු ලබන්නේ අදාල රටේ ඉතාලි තානාපති කාර්යාලයයි.ඉතාලියට ඇතුල් වීමට ඔබගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර වීසා ලබාගැනීම සිදුකල යුතුයි. මේ වන විට එම්බසියේ වීසා කටයයුතු බාරගැනීම් හා නිකුත් කිරීම සිදුවන්නේ VFS GLOBAL ආයතනය හරහායි.

      එක් එක් වීසා ඛාන්ඩයන් සදහා අවශ්‍ය ඩොකුයුමන්ට් මොනවාද?
      වීසා ලබාගැනීම සදහා නුල්ලා ඔස්තා එකට අමතර තවත් ඩොකුයුමන්ට් කිහිපයක් ඉතාලි එම්බසියට ඉදිරිපත් කලයුතු වනවා. මේ ඒ සම්බන්දව අප විසින් ටික කාලෙකට කලින් පල කල ලිපියක්. පොලිස් රිපෝට්,මෙඩිකල් ඔනෙම නෑ.

      ඉතාලියෙන් නුල්ලා ඔස්තා ලැබුන පසුව කුමක්ද කල යුත්තේ?

      ඩොකුයුමන්ට් බාරදීමට VFS ආයතනයෙන් එපොයිමන්ට් එකක් ගන්නේ කොහොමද?

    • මේක තමයි ඊලගට අමාරුමදේ.මොකද VFS වෙබ් අඩවියේ දිනයක් ලබාගැනීමට ඕපන් වෙන වෙලාව අපි කවුරුත් දන්නේ නෑ.ඒ නිසා නිතරම වෙබ් අඩවිය පරික්ශා කරන්න වෙනවා.කලින් වතාවන් වල වෙබ් අඩවිය ඕපන් වන වෙලාව අපි දැනගත්තොත් ගෲප් එකේ පලකලා.ඒ නිසා ගොඩාක් අය හොරුන්ට අහුවෙන්නේ නැථිවම එපොයිමන්ට් ගත්තා.මෙම ලිපියෙන් තනිවම එකවුන්ට් එකක් හදාගෙන එපොයිමන්ට් එකක් ගන්නා ආකාරය සදහන්වේ.

https://italiyeapi.com/new-online-system-for-visa-appointments/

නුල්ලා ඔස්තා එකක කාලය දින 180කි. එම නිසා එම කාලය ආතුලත ඔබ වීසා ලබාගැනීමට පාස්පෝර්ට් එක එම්බසියට ඉදිරිපත් කල යුතුයි.එම්බසියට බාරදීමෙන් පසුව නුල්ලා ඔස්තා එකෙහි කාලය අවස්න් වීම ගැටලුවක් නැ​ත. එමෙන්ම ඔබගේ ගමන් බලපත්‍රයට ලැබෙන වීසා එක දින 210 -365 ත් අතර වෙනවා.එම කාලය ඇතුලත ඔබට ඉතාලියට ඇතුල් වීමට අවස්තාව හිමි වනවා.

ලිපිය ටිකක් දිග නිසා.ඉතාලියට අතුල් වීමේදී ඇතිවන ගැටලු ගැන තව දසකින් දෙකකින් ලිපිය​ක් ලියන්නම්.

ජය..
තිලන ප්‍රනන්දු.

Similar Posts