ඉතාලියේ වැ​ඩි වැටුපක් ලැබෙන හෙද ක්ශේත්‍රයට එකතු වන්නේ කොහොමද? Corso Operatore Socio Sanitario(OSS)

Corso Operatore Socio Sanitario(OSS)
මුලින්ම කියන්න ඕනා ඉතාලි භාශාව ලියන්න ,කතාකරන්න නොහැකි නම් මෙම පාඨමාලාව හදාරන්න එපා.මුලින්ම හොදින් කතාකරන්න හා ලියන්න ඉගෙන ගන්න.ඒකට මෙහේ ගොඩක් භාශාව සම්බන්ධ පාඨමාලා තියෙනවා.ඒකකට ඇතුලුවෙන්න.

ඉතාලියේ ඉතාම අමාරුයි මේ course එක නොමිලයේ කරන තැනක් හොයා ගන්න. මේ සදහා දල වශයෙ​න් යූරෝ 3000 කට වඩා වියදම් වෙන්න පුලුව​න්.නමුත් course එක ඉවර වුනු ගමන්ම හොද salary එකක් සමග hospital එකක OSS කෙනෙක් විදියට ජොබ් එකක් හොයාගන්න පුලුව​න්.

ඔබේ උනන්දුව ඔබව ගොඩක් සාර්ථක කරාවි. මෙම පාඨමාලාව සදහා සුදුසුකම් ලෙස scuola media ඉල්ලනවා. ඉතාලි​යේ scuola media නැත්නම් ලන්කාවේ සහතික පරිවර්තනය කර ඉදිරිපත් කරන්න පුලුවන්.

ඊලග කරුන රියදුරු බලපත්‍රය සහ වාහනයක්. job එක කරන්න සහ පුහුණුවීම් කාලය තුල වාහනයක් තිබීම ඉතාම වැදගත්.ඊලගට පාඨමාලාව සදහා තෝරාගන්නා ආයතනය.මුදල් ගෙවා කරනවනම් ඔබට ලබා දෙන සහතිකය පිලිගත් සහතිකයක්ද කියලා හොදින් තොරතුරු හොයලා බලන්න. ආයතනය තෝරාගනිද්දී ඔබට ආසන්න comune,AUSL හරහා විස්තර ගන්න පුලුවන්. ඒ වගේම internet එකේ search කරලා බලන්න ගොඩක් ආයතන තිබෙනවා.

පාඨමාලාවේ උගන්වන කරුණු පිලිබද අවබෝධයක් ලබාගන්න youtube එකේ තියෙන OSS course එකට අදාල පාඩම් බලන්න.එයින් සාමාන්‍ය අදහසක් ලබා ගන්න.OSS කෙනෙක් සාමාන්‍යයෙන් සතියට පැය 36-38 අතර කාලයක් සේවය කරනවා. night එකකින් පස්සේ දවස් 2 නිවාඩු තියෙනවා.ඊට අමතරව සතියට අදාල riposo එක තියෙනවා.නිතරම job අවස්තා තියෙන වෘත්තියක්. concorso එක කරලා hospital එකකට ඇතුලු වෙන්න බලන්න.

Anu Fernando ගෙනි.

Similar Posts