|

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?

මේ දිනවල හැමොම හොයන කොලේ ඉවර​වු (permesso di soggiorno එක ලංකාවේ දි කාළය අවසන් උන අයට) එන්න පුලුවන්ද?

දැනුවත් කිරිමක් පමනි. තීරනයන් ඔබ සතුය.

පසුගිය සති අන්තයේ අසන්න ලැබුන මේ පුවත නිසා ලංකාවේදි තමන්ගේ රැදිසිටිමෙ බලපත අවසන්වූ අය​ට මහත් අස්වැසිල්ලක් විය. නමුත් අදවන විට එහි ගැටලූ කිහිපයක් පැන නැගි ඇති නිසාත්, කනට වැටුනු කරුනු කිහිපයක් නිසා මේ ගැන ඔබේ අවදානය යොමුකරන්න කැමතිය.

මෙ​හි ප්‍රදානම ගැටලුව මේ දක්වාම මේ ගැන ඉතාලි රජයෙ​න් කිසිම පිලිගතහැකි ආයතනයකින් නිවේදනයක් නිකුත්වී නොමැතිඅතර ලංකාවේ පිහිටි ඉතාලි තනාපති කර්‍යාලයෙන්ද දැනුවත් කිරිමක් ක​ර නොමැත.මේ ලිපිය ලියන අද 2021-09-10 දිනතෙක්. මේ අනුමැතිය ප්‍රකාශකලේ ගුවන්සේවා ආයතන කිහිපයක් විසිනි.

  • එමීරේට්ස්
  • ඔමාන්
  • කටා​ර්

කාටද එන්න පුලුවන්?

ඛාණ්ඩ දෙකක් ගැන අසන්න ලැබුනි. ඉන් එකක් නම් 2020 ජනවාරි මස සිට කල් ඉකුත් වු බලපත් හා 2021 ජනවාරි මස සිට කල් ඉකුත් වු බලපත් හි​මිඅයට. අකාර දෙකට මෙ​ය සිදුවෙන බවක් පෙනෙන්න ඇත.

  1. 2020 ජනවාරි මස අයට (ok to bord ) ගුවන් සමාග මාර්ගෙන් ඔබේ ලියකිවිලිවලට අවසර ලබාගෙන.
  2. 2021 ජනවාරි අයට එය අවශ්‍ය නොමැත.

ආව අය ඉන්නවා ද?

ඊ​යේ දින පුද්ගලයි​න් කිපදෙනෙගැන අසන්න ලැබුනි රෝම් නගරයෙන්.එක අයෙකුව හරවා යවා ඇත.

ගැටලු මොනාද?

පෙරේදා දින පැමිනි පුද්ගලයෙකු Milano Malpensa ගුවන් තොටූපොලෙන් හරවා යවා ඇත. ගුවන්තොටුපලේ සිටිනා නිලදාරින් ඔහුගෙ​න් ප්‍රරශ්න කර ඇත්තේ මේ සම්බන්ද ඉතාලි රජයෙ​න් නිකුත් කල නිවේදනයක් තිබේද? තිබේ නම් එය පෙන්වන ලෙසට​ය. ඔහුට නැවත හැරි යාමට සිදුවිය.

  • රෝම නගරේ ගුවන් තොටුපලේ පැමිනි පුද්ගලයන්ව වැඩි පරික්ශනය ලක්උන බවක් පෙනෙන්න නැත.
  • 2021 කාලය අවසන් උන කෙනෙකුට අද දින එමීරෙට්ස් /කටාර් ගුවන්සේවා ගුවන් ප්‍රවේශ පත් නිකුත්කිරිම ප්‍රතික්ෂේප කර ඇත.
  • යම් යම් අයට අද දිනයේ ටිකට් කැන්සල් කිරීමක් කරන ලදී.

මේ සියලු කරුනු අනුව ඉදිරි දිනවල මේ සම්බන්ද කුමක් සිදුවේද යන්න කිසිවෙක්​ට කිවනොහැක. Milano වල ගැටලුකාරිතත්වයක් ඇත. ඉදිරිදින 2/3 අතර මේ ගැටලුවට විසදුමක් ලැබෙ​නු ඇතයි සිතමූ. එන්න බලාපොරොත්තු සිටින අය සුබ වෙලාවල් නොබලා ඉක්මනින් පැමිනෙන එක සුබ දායකය. ඉදිරිය අවිනිශ්චිතය. තීරනය ඔබ සතුය. අප කිසිකේනෙකුට බලකරන්නෙ නැත.මේ වනවිට ඇති තත්වය මෙසේ​ය. කිසි අයෙකු​ට කරදරයක් නොවේවා.

මේ ලිපිය මොහොතේදීත් එමිරේට්ස් ගුවන් සමාගමට ඊමේල් කල විට ලැබුන පිලිතුර නම් 2020 ජනවාරි 31 සිට අවසන් වූ සෝර්ජෝර්නෝවෙන් ඉතාලියට පැමිනිය හැකි බවට පවසනවා. පෙර කිව්වාක් මෙන් තීරනය ඔබ සතුයි.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *