SUPER BONUS 110

Super Bonus 110 යනු නිවාස හා නිවාස සංකීර්ණ වල බලශක්ති පද්ධතිය පරිසරයට හිතකාමී ලෙස වැඩිදියුණු කිරීම සදහා හදුන්වා දුන් දීමනාවකි.
මෙය 2020 ජූලි 1 දා සිට 2022 ජුනි 30 දක්වා වලංගු වේ. නමුත් 2020 ජුනි 30 වන විට වැඩ ඉවර නොවූ නිවාස සංකීර්ණ සදහා දෙසැම්බර් 31 දක්වා අයදුම් කල හැක.

යොදා ගත හැකි අවස්තා,

  • වහල පද්ධතිය නවීකරණය (Termici)
  • උණුසුම් වායුසමීකරණ (Termosifone )පද්ධතිය වෙනස් කිරීම
  • සූර්ය කෝෂ සවි කිරීම
  • නිවාස අභ්‍යන්තර බලශක්තිය නිපදවීම වැඩි කිරීම සදහා
  • භූමිකම්පා වලට ඔරොත්තු දීම සදහා නිවාස සකස් කිරීම
  • විදුලි වාහන ආරෝපණ පද්ධතීන්

මෙය තනි නිවාස හිමියන් ට හෝ නිවාස පද්ධතීන් හෝ වෙනත් ආයතන වලටද ඉල්ලුම් කල හැක. තනි පුද්ගලයකු හට උපරිම නිවාස 2ක් සදහා පමනක් මෙම දීමනාව ලබාදේ.

Rimborsi ලබා ගත හැකි ආකාරය

  • 730 සෑදීමේදී(Dichiarazioni dei Redditi )වසර 5 කදී වාරික මගින් ආපසු ගෙවනු ලැබේ
  • ඔබේ බැංකුව මාර්ගයෙන් ණයක් ගෙන ආපසු වියදමින් 10% ඔබටත් ලබා ගත හැක.
  • අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී
  • Impresa එක මගින්

මෙය නිවාස සදහා ලබා ගන්නේ නම් energia classe 2 ක් අඩු විය යුතුයි. උදාහරණයක් ලෙස classe D සිට B දක්වා. මෙය අඩුම අවුරුදු 10 ක් සදහා වලංගු බව පිලිගත් ආයතනයකින් සහතික කලයුතු වේ. ඔබ ගෙවන සියලුම ගෙවීම් Bonifico ආකාරයට කර තිබීමද අත්යවශ්ය වේ. මෙම Bonus එක ලබා ගැනීමට පෙර Impresa එක සමග හොදින් තොරතුරු හුවමාරු කර ගැනීම මගින් විය හැකි විවිධ නීතිමය දුෂ්කරතා වලක්වා ගත හැක. පිලිගත් Impresa එකක් තෝරා ගැනීමද වඩා සුදුසු වේ.

එක් එක බැංකු මගින් මේ සම්බන්දව පල කරන ලද දැන්වීම්.ඔබට ඔබගේ බැංකුව හරා මේ සදහා තොරතුරු ලබාගැනීමටද හැකියාව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *