යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

ඉතාලියේ පදිංචිව සිටින වයස අවුරුදු 18 සම්පුර්ණ තරැණ තරැණියන් සඳහා යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක් ඉතාලි රජය විසින් ලබා දෙනවා. 2002 වර්ශයේදී උපත ලැබූ පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් හට මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකියි.මෙය මුදල් වශයෙන් ලබා ගත නොහැකි අතර, වවුචර හා ඩිජිටල් මාධ්‍යයෙන් සේවාවන් හා භාණ්ඩ මිලදී ගත හැකියි.

2021 අගෝස්තු ම​ස 31 වන දින දක්වා 18app.italia.it වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඔස්සේ අන්තර්ජාලය හරහා මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකිය.

ඉතාලි පුරවැසියන් සහ ඉතාලියේ ස්ථිර පදිංචි, ඉතාලියේ රැදී සිටීමේ වීසා බලපත්‍රය හිමි විදේශිකයන් හටද මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකියි.

මෙම දීමනාව

  • සිනමාහල්
  • සංස්කෘතික උත්සව
  • සංස්කෘතික විවිධ ප්‍රසංග
  • කෞතුකාගාර
  • නටඹුන්
  • උද්‍යාන
  • රංග ශාලා වලට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමද,
  • විදේශ භාශා පාඨමාලා
  • සංගීතය
  • නර්තනය හා කලා පාඨමාලා ගෙවීම් සහ පොත්පත් මිලදී ගැනීම සදහාද භාවිතා කල හැකියි.

ලියාපදිංචි විය යුතු ලිපිනය

https://www.18app.italia.it/?fbclid=IwAR32D4P5u-6vBm0Ob-G4yXSAYLmW9hA21bsbEBrHh84IkbvhiED0b4ySyAg#!/

ඔබ මේ සදහා ඉල්ලුම් කිරීමට නම් SPID හී රෙජිස්ටර් විය යුතුයි.

ඔබ ios පහසුකම සහිත දුරකතනයකින් මේ සදහා බාවිතාකරනවා නම් මෙම ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව තිබෙනවා. https://apps.apple.com/it/app/18app

ඔබ Android පහසුකම සහිත දුරකතනයකින් මේ සදහා බාවිතාකරනවා නම් මෙම ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව තිබෙනවා. https://play.google.com/store/apps

 

නීතිඥ සචිනි වර්ණකුලසූරිය ගේ ලිපියක් ඇසුරින්
Praticante Avvocato Abilitato Foro di Verona
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona.
+39 388 6279735

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *