අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන්ට ඉතාලියෙන් ලැබෙන දීමනා හා වට්ටම්.

මේ වැඩසටහන හදුන්වා දී තිබෙන්නේ  Carta Giovani Nazionale කියන නමින්.මෙය ලබාගැනීමට නම් ඔබගේ දුරකතනයට IO APP එක බාගතකර ගතයුතුවේ.මේ වෙද්දි බොහෝ දෙනෙක් මේ ඇප් එක බාවිතා කරන්වත් ඇති.
ඔබට මතකද ගිය වසරේ ලබාදුන්න CASH BACK වැඩසටහන.එහි​දී ඔබ ඔබගේ බැංකු කාඩ් පතින් ගෙවේම් කල විට උපරිමය යූරෝ 150 ක් දක්වා මුදලක් නැවත ඔබේ බැංකු ගිණුමටම ලබාදුන්නා.බොහෝ දෙනෙක් මේ සදහා යදුම් කර මුදල්ද ලබාගත්තා.අවසන් වාරයේ සිදුවූ වංචා දූශන ක්‍රියා නිසා මේ වැඩසටහන මේ වනවි​ට ඔවුන් තාවකාලිකව නවත්වා තිබෙන්​නේ.

අපි දැන් බලමු මේ සදහා අයදුම් කරන්නේ කොහොමද කියලා.

ඔබගේ දුරකතනයට මෙම ඇප් එක බාගත කිරීමෙන් පසුව මේ ආකරයට ඉදිරියට යන්න.මේ ඇප් එකට ලොග් වෙන්න නම් ඔබගේ SPID එක හෝ CIE එක අවශ්‍යවනවා.

මේ ඇප් එක හරහා ඔබගේ GREEN PASS එක ලබා ගැනිමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ඉතලියේ රජයේ ආයතන වල දිනයන් වෙන්කරවා ගැනීම වගේ සේවා පහසුක​ම් ලබාදෙනවා.

ඉතාලියේ ජීවත්වන තරුණ තරුණියන්ට මෙය බොහෝ වැදගත් වෙන්න ඇතැයි විශ්වාස කරනවා.ඔබටත් මේ තොරතුරු වැදගත් වුනා නම් තවත් කෙනෙක්ට බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා.ඔබගේ සහයෝගය ලැබුනොත් දිගටම මේ වගේ දේවල් ගැන අපි දැනුවත් කරන්නම්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *