eu digital passenger locator form එක පුරවන ආකාරය සිංහලෙන්.

ලංකාවේ සිට ඉතාලියට පැමිනීමේදී අනිවාර්ය වන eu digital passenger locator form එක පුරවන ආකාරය.
තනි පුද්ගලයෙකු විසින් මෙය පුරවන ආකාරය ඔබට මා ඉදිරිපත් කරනුයේ.
පලමුව පහත සදහන් ලින්ක් එකෙන් වෙබ් අඩවියට පිවිසෙන්න
eu digital passenger locator form

මෙහි ඉතාලි යන්න තෝරන්න.

මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමට අවශ්‍යයි.ඒ සදහා ඔබගේ ඊමේල් ලිපිනයක් හා ඔබට මතක තිබෙන පාස්වර්ඩ් එකක් යොදන්න. ඉන්පසු රෙජිස්ටර් කියන එක ක්ලික් කරන්න.

රෙජිස්ටර් වීමෙදී ලබාදුන් ඊමේල් එකට ලින්ක් එකක් එනවා.ඒක ක්ලික් කරන්න.

ලින්ක් එක ක්ලික් කලාම ආයේ වෙබ් අඩවියටම එනවා.දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එක ඇතුලත් කර ලොගින් දෙන්න.

ඔබ ඉතාලියට ඇතුල් වන්නේ යම් රටක් හරහා නම් non ඩිරෙක්ට් ෆ්ලයිට් යන්න තෝරන්න.

දැන් ඔබ වෙන්කරවා ගත් ගුවන් ටිකට් පත අතට ගන්න.දැන් ඔබේ ගුවන් ගමන් විස්තර ඇතුලත් කරන්නයි යන්නේ. කාටාර් ගුවන් සේවයට අයත් ටිකට් එකක් මා ලබා සිටින නිසා මා පුරවන්නේ ඒ විස්තරයි.ඔබ ඔබගේ ගුවන් සේවාවට අදාල විස්තර පුරවන්න.

සීට් නම්බර් එක දාන්න තියෙන තැන මේ වෙද්දි සීට් නම්බර් එකක් නොතිබෙන්න පුලුවන් ඒ නිසා එතන්ට N/A යන්න ඇතුලත් කරන්න.

දැන් ලංකාවේ සිට යන පලවෙනි ගුවන් ගමනට අදාල විස්තර පුරවලා ඉවරයි. දෙවෙනි ගුවන් ගමන ඇතුලත් කිරීමට ඇඩ් ෆ්ලයිට් කියන එක ඔබන්න.

මතක ඇතිව ටික් මාර්ක් එක දාගෙනම යටට පුරවන් යන්න.

ෆයිනල් ඩෙස්ටිනේශන් එකට ඔබ ඉතාලියේ බහින ගුවන් තොටුපල සදහන් කරන්න.ඊට පස්සේ කන්ටිනිව්.

දැන් ඔබේ පවුද්ගලික විස්තර ටික පුරවන්න තියෙන්නේ.

ඩොකුයුමන්ට් ටයිප් එක පාස්පොර්ට් දෙන්න. ඊට පස්සේ ඒකේ නම්බර් එක. පසුව ඔබේ දුරකතන අංකය.ඉතාලියේ එක දෙනවා නම් හොදයි එතන්ට.නම්බර් එක දාන්න කලින් +39 කෝඩ් අංකය සමග ඔබේ දුරකතන අංකය දාන්න.

දැන් ඔබගේ ඉතාලියේ එඩ්‍රස් එක ග්න දාන්නෙ.මේකට නම් සාමාන්‍ය දැනුම ඕන වෙනවා. ඔබගේ ප්‍රොන්චා එක හරියට තෝරගන්න,සිටි එක,පෝස්ටල් කෝඩ් හරියට තෝරගන්න. ඔබට මේ දේ කරගන්න ගූගල් එකේ සහය ගන්න පුලුවන්.

අවසානෙට ටික් මාර්ක් එක දාලා කන්ටිනිව් කරන්න.

හදිසි අවස්තාවකදි සම්බන්දකරගන්න කෙනාගේ විස්තර දැන් ඇතුලත් කරන්න ඕනා.

මේකට ඉතාලියේ ඉන්න කෙනෙක්ගේ නම්බර් විස්තරම දෙන්න.

ඊලග පියවර විදියට

දැන් පහත රූපයේ විදියට ටික් මාර්ක් එක දාන්න.පොඩි ලමයෙක් ඔබ එක්කම යනවා නම් MINOR කියන එක දාලා ඒ විස්තර ඇතුලත් කරන්න.ඔබ යන්නේ තනියම නම් ඒ විස්තර දාන්න ඕනා නෑ.

ඔබ මෙය පුරවද්දි ඉතාලියේ මොන පලාතටද යන්නේ කියන එක තෝරන්න.ඔබ පෙර ලබාදුන්න් ලිපිනයේ ඒ පලාත ලිව්ව්ව ඔබට මතක ඇති නේ.මෙය පුරවන කෙනා යන පාලාතයි මේ දාලා තියෙන්නේ.ඒ නිසා ඒක තමුන්ට අදාල නැත්නම් දාන්න එපා.

ඒවගේම තමයි අපි අයිති වෙන්නෙ ලිස්ට් E වලට.ඒක හැම ලාකිකයටම එකයි..

ඉතාලියට යන හේතුව තෝරන්න.

මේ විදියටම කරන්න.

මම බොද කරලා තියෙන තැනට ඔබ නීරෝදායනය වෙන්න යන ලිපිනය දාන්න.ඉන් පසුව ගුවන් තොටුපලේ සිට අදාල ස්තානයට යන්නෙ කුමන මාද්‍යකින්ද යන්න දාන්න.මෙතන්ට මම දැම්මේ CAR කියලා.කාර් එකේ අංකය දන්නවා නම් ඒක දාන්න.

සබ්මිට් කලාම වැඩේ ඉවරයි.

දැන් ඔබ දුන්න ඊමේල් එකට යන්න.මේල් එකක් ඒ වෙලාවෙම ඇවිල්ල ඇති.

ඊමේල් එක යටම තියෙන ලින්ක් එක ක්ල්ක් කලාම මේ විදියට එන්නේ.මේක ප්‍රින්ට් කර ගන්න.කැමති නම් PDF එකක් විදියට ඔබේ දුරකතනයේ තියාගන්නත් පුලුවන්.

වැඩේ ඉවරයි. පැය 03 ක මහන්සියක් මේ ලිපිය.
සුබ ගමන් සියලු දෙනාට.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *