සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සුළු මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්, කරන ලද පැහැදිලි කිරීමකින් ඔබ අප කවුරුත් විසදුම් සොයමින් සිටි ප්‍රශ්න රැසකට පිලිතුරැ ලැබී තිබෙනවා.
මේ යටතේ පහත සදහන් පුද්ගලයන්ට නව රැකියා ගිවිසුමක් යටතේ නීතිගත වීමේ අවස්ථාව උදා වී ඇත. ඔබ 2020 මාර්තු මස 8 වෙනිදාට පෙර ඉතාලියේ රැදී සිටියේ නම්, ඔබගේ සේවායෝජකයාට ඔබ වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කල හැක.


1)Protezione Internazionale අයදුම් කරැවන්
2)Protezione Internazionale ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වු පුද්ගලයන්,
3)අනවසරයෙන් ඉතාලියට ඇතුල් වීම හා සොජොර්නෝව අලුත් කර ගැනීමට නොහැකිව පිටුවහල් වීමේ නියෝගය ලද පුද්ගලයන්( නීතිවිරෝධී හෝ අපරාධ සදහා වරදකරැවන් වූවන් හැර)
4)රැකියා කිරීමේ අරමුණ මත පරිවර්තනය කල නොහැකි විසීමේ බලපත්‍රය ඇති පුද්ගලයන් (අධ්‍යාපන , ආගමික, සංචාරක, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම මත, විශේෂ ආරක්ෂාව ආදී කාරනා මත වීසා හෝ විසීමේ බලපත්‍ර හිමියන්)

විශේෂම කාරණය වන්නේ, මෙම නීතයානුකූල වීමේ පටිපාටිය සදහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී, ඔබ Protezione Internazionale සදහා ඉදිරිපත් කල අයදුම්පත ඉවත්කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීමයි.
යම් හෙයකින් ඔබගේ සේවායෝජකයා ඉදිරිපත් කරනා අයදුම්පත අනුමත වී, ඔබට විසීමේ බලපත්‍රය හෙවත් Permesso di soggiorno ලැබී තිබියදී, ඔබගේ Protezione Internazionale අයදුම්පතද අනුමත වුවහොත්, එම අවස්ථාවේ දී කුමන විසීමේ බලපත්‍රය ලබාගන්නවාද යන්න ඔබට තීරණය කල හැක.

එසේම තවදුරටත් පැහැදිලි කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, මෙම නීතිය යටතේ විසීමේ බලපත්‍රය -Permesso di Soggiorno ලබාගත් පසු කෘෂිකාර්මික, සත්වපාලනය, උපස්ථායක සේවා හා ගෘහස්ථ අංශයේ රැකියා පමණක් නොව වෙනත් ඕනෑම රැකියාවක නිරතවිය හැකි බවයි.

එසේම ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය (කල් ඉකුත් වුවද ගැටළුවක් නොමැත) හෝ කල් ඉකුත් වූ විසීමේ බලපත්‍රය උපයෝගී කරගෙන ඉල්ලුම් පත්‍ර යොමුකළ හැකි අතර, Contratto di Soggiorno අත්සන් කිරීමට Prefettura ආයතනයට කැදවන දිනයට වලංගු හදුනා ගැනීමේ බලපත්‍රයක් තිබිය යුතුයි.

ඊලග වැදගත් කාරණය වන්නේ 2020 මාර්තු 8ට පෙර ඉතාලියේ සිටිය බවට ඉදිරිපත් කල යුතු ලේඛනයයි.
මෙය රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ඉදිරිපත් කල ලියවිල්ලක් විය යුතුයි .


උදාහරණ වශයෙන් ,
• රජයේ හෝ රජයේ අනුමත සෞඛ්‍ය ආයතනයකින් ලබා ගත් වෛද්‍ය සහතික
• දරැවන්ගේ පාසැල් ලියාපදිංචි වීමේ සහතික
• රාජ්‍ය ප්‍රවාහන මාධ්‍යක වාරප්‍රවේශපත්‍ර
• පොලිසියෙන් ලබා ගත් සහතික
• ටෙලිපෝන් කාඩ්පත් හා ඉතාලි දුරකථන සමාගම් සමග ඇති ගිවිසුම්
• තැපැල් කන්තෝරැව හරහා කර ඇති ගනුදෙනු ( ඉතුරැම් ගිණුම්, පෙර ගෙවුම් කාඩ්පත් -Postepay
• බැංකු හෝ මූදල් සම්ප්‍රේෂණ ආයතන හරහා මුදල් ලබා ගැනීම හෝ යවා ඇති රිසිට් පත්.
• රජයේ රැදවුම් මධ්‍යස්ථාන හා ආගමික ස්ථාන වලින් ලබාගත් ලියකියවිලි
• තානාපති හා කොන්සියුලර් කාර්‍යාලයෙන් නිකුත් කල සහතික
• ඉතාලියට ඇතුල්වීමට භාවිතාකල ගුවන් හෝ නාවික ටිකට් පත්

එසේම සේවායෝජකයාගේ ආදායම තීරණය කිරීමේදී, වාර්ශික ආදායම ගණනය කිරීමේදී එකතු නොකරන Assegno di invalidità ද සලකා බලයි.
එසේම පවුල් ඒකකයක එක් සමාජිකයකු සිටින සේවාදායකයෙකුට අවම ආදායම වන යූරෝ 20.000 සීමාවට ලගා වීමට ඔහුත් සමග වාසය නොකරන සමීපතම පලමු සීමාවවේ නෑදෑයන්ගේ ආදායමද එකතු කර ගත හැක. (සේවායෝජකයාගේ දරැවන්, සහෝදර සහෝදරියන් හෝ දෙමව්පියන්)
එසේම සේවායෝජකයා ආබාධිත හෝ නිදන්ගත රෝගයක් හේතුවෙන් ස්වාධීනව තම කටයුතු කරහත නොහැකි තත්වයේ අයෙකුනම්, මෙම ආදායම් සීමාව අදාල නොවෙන අතර, අයදුම්පත යොමුකිරීමට පෙර ඒ බව රජයේ සෞඛ්‍ය ආයතනයකින් හෝ තම පවුලේ වෛද්‍යවරයා (Medico SSN) විසින් සහතික කර තිබිය යුතුයි .

Similar Posts