වසංගතයේ මා දුටු සුන්දර ඉතාලිය

අපගේ මවුරට,අප උපන් රට ශ්‍රිලාංකාව හැරැනු විට අප වැඩිපුරම ආදරය කරන රට ඉතාලියයි. චීනයේන් ආරම්භවු​න කොරෝනා වසංගතය මුලින්ම පහරදුන්නේ ඉතාලියටය.ලෝකයේ අනිත් රටවලින් ඉතාලියට ඇගිල්ල දික්වෙන විට,පාලනය කරගැනිමට නොහැකිව ඉතාලි ජාතිකයන් හා ඉතාලියේ සිටින අනේකුත් විදෙශිකයන් පහලට දමමින්, ඉතාලියේ සිටින්නන් රෝගය පතුරන්නන් ලෙ​ස හම්වඩුගැසුවේය. රෝගින්,‍ රෝගින්ට සැලකිම, අහාර හා මලසිරු​රු සම්බන්දයෙන් යම් කතා සමාජගතවුනී.

කාළය ගතවුනි මේ ලියන මොහොත වන විට නව බලාපොරොත්තු සමග ඉතාලිය නැවත නැගිටිම ඇරඹුනි. අද වනවිට කොරෝනා වැලිකිමේ ක්‍රමයන් සමග සියලුදෙනා තම සුපුරැදු ජිවන රටාවන් පටන්ගනිමින් සිටින්නේය. ආනගතය ගැන නොදනිමී නමුත් වර්තමානයේ බලාපොරොත්තුවන් අලුත් වී ඇත.

මේ සියලු දේ සමග දුටුව යහපත්ම දේ නම් පෙබරවාරි මැද සතියේ සිට අද දක්වාම ජාතිභේදයක් නැතිව මෙහි සිටින සියලුමදෙනාට සැලකිමය. කිසිම විදේශිකයෙක්ට රටින් පිටවිමේ නියෝග ලබා නොදින්නේය. සියලුම රෝගින්ට එකාසේම ප්‍රතිකාර ලබාගැනිමට ඉඩසැලසිය. ජාතිකත්වයට වඩා මිනිස්කමට මුල් තැන දී ක්‍රියාකලේය. ව්‍යාපාර හා රැකියා අහිමී වු ඉතාලි හා විදේශිකයන්ට කිසිදු වෙනසක් නොමැතිව සියලුම සහන ලබාදුනි. ඉල්ලුම් කිරිමට හැකිවිය.

අපේ ලාංකික සහෝදරයො කිපදෙනෙක් හා තනාපතිකර්‍යාලයෙන් ද අවශය​තා ඇති අපේ අයට ආහාර ද්රවය ලබදු​නී . එම ලාංකීක සහෝදර පිරිස එම අවදානම් අවස්තාවේ තමන්ට වඩා අනුන් ගැන සිතා ඉතාම වටිනා මෙහෙය​ක් ඉටුකලේය. සැම නගරයකම මෙවෙනි නිහතමානි ලාංකිකයන් දකින්න ලැබුනි.හැකි අයුරින් හැකි අය සැමවිටම උදව් උපකාර ලබාදුනී.ඔවුන් සියලුදේනටම හදවතින්ම ස්තුති.

ඉතාලි රජයෙන් ලබාදුන් සහනයන්.

🔹 නගරසභා(comune) ක්‍රෙන්ද්‍රකරගනිමින් අවසි අයට ආහර මලු නිවසටම ලබාදිම/ ඉතාලියෙ ස්වේච්ඡා සංවිදාන මගින් ලබදිම( අදටත් එය ක්‍රියාත්මකවේ ).
🔹 ව්‍යාපාරිකප්‍රජාවට සහනලබාදිම.යුරෝ 600සිට.
🔹 කර්මන්තශාලා,රෙස්ටුරන්ට්,හෝටෙල් හා එවැනි රැකියාවන් කල රැකියා අහිමීවුවන්ට තම පඩියෙන් 80% ලබාදිම.
🔹 මාර්තුමස රැකියාවෙ නිරතවුවන්ට යුරෝ 100 දිමනාවක්.
🔹 Boni spesa ( අවශය් කැම බිම ලබාගැනිමට පවුලේ සංඛයාව අනුව නගර අනුව ලබා දුන් දිමනාවක් මසකට යුරෝ 70 සිට ඉහලට).
🔹 නිවෙස් කුලී සදහා දිමනාවක් ලබාදුනි.
🔹 කුඩා දරැවන්ටලබා දුන් සහනයන්.
🔹නිවසේ සිට ඉගනුමලබන දරැවන්ට පරිගණක හා විද්‍යුත් මෙවලම් ලබාගැනිමට යුරෝ 500ක්.
🔹 කුඩාදරැවන් බලාගන්නන් ( bebysitter)රැකියා කරන්නන්ට ලබා දුන් සහනයන්.
🔹ගෘගරැකියා හා වැඩිමහල්ලන් බලාගන්නට අප්‍රියල් හා මැයි මාසයන් සදහා යුරෝ 1000ක්
🔹ඉහත අවස්තා නොලැබු අයට REM (reditto di emergenza) දිමනවක්.
🔹 පොදු ප්‍රවාහන භාවිතය අකමැති අයට පාපැදිහා හා ඉලෙක්ට්‍රික් 🚲🛴 ලබාගැනිමට 60% දිමනාවක්.
🔹bonus vacanza ( නිවාඩු දිමනාවක් )
🔹අබාදිත පුද්ගලයන්ට යම් දිමනාවක් ( මෙය තවම ස්තීර නැත.බෝහෝ දුරට ඉදිරියේදි එය සිදුවේ )
🔴🔴 වැදගත්ම දිමනාවනම් මේ සියල්ල සමග අනවසර ( නිත්‍යානුකූල නොවන අයට ) වසර 9කට පසුව VISA ලබා දිමේ වැඩපිලිවෙලක් ද ආරම්භ විය.😍😍😍💪🏼💪🏼

ලංකාවට පසුව අප ආදරය කරන රට ඔබයි. නැවත නැගිටින ඉතාලියට සුභ ආනගතයක්. කොරෝනා උවදුර මගේ මවුරටින් ලෝකයේ සියලු රටවලින් ඉක්මනින් තුරන්වේවා. සියලු දෙනාම අරක්ශා වී සැමගේ ආනගත සුරක්ශිතවේවා..

Serantha perera

Similar Posts