|

ලාංකීකයින්ගේ වංචා නිසා බොදව යන ඉතාලි සිහි​න.

අද il giornale.it වෙබ් පිටුවේ අනිසි විදිහට ඉතාලියට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගැන සදහන් වෙන ආකාරය.

මෙහිදී අනිසි විදිහට සොජොර්නෝ ලබාගැනීම හා පුරවැසිභාවය ලබාගැනීමට ලේඛන පිලියෙල කිරීමේදී සිදුකරන අනිසි ක්‍රියාවලියන් ගැනද සදහන් වෙනවා.
එසේම යූරෝ 250 සිට යූරෝ 500 දක්වා දින වෙන් කරගැනීමේ Slot විකිණෙන ආකාරයත්, අනිසි විදිහට වීසා ලබාගන්නා ආකාරයත් සදහන් වෙනවා.

මීට පසුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය decrteo di concessione della cittadinanza අත්සන් කිරීමට පෙර වඩාත් සැලකිලිමත් වනවා ඇති ලංකාවේ පුරවැසියන් , පුරවැසිභාවය ලබාගැනීම සදහා ඉදිරිපත් කරන ලේඛන වල නිරවද්‍යතාව සොයාබැලීමට.
අනාගතයේදී ශ්‍රී ලාංකිකයන්ට විසා ලබා ගැනීමේ ක්‍රියාවලිය , ලේඛන සහතික කර ගැනීමේ ක්‍රියාවලිය තවත් බැරෑරැම් වෙනු ඇත.

dell’ufficio Immigrazione delle Nazioni Unite පවසන ආකාරයට ඉතාලි එම්බසිය වෙත ඉදිරිපත් වන ඩොකුයුමන්ට් වලින් 19% ක් ව්‍යාජ ඩොකුයුමන්ට් බවට හෙලිවී තිබෙනවා.මෙම ව්‍යාජ ඩොකුයුමන්ට් නිසා නිසියාකරව ඩොකුයුමන්ට් ඉදිරිපත් කරන අයටද තම වැඩකටයුතු කර ගැනීමේ අපහසුතාවය ඇත්වනවා.

සැමවිටම නිවැරදි සේවාවන් ලබාගැනීමට උත්සාහ කරන්න. නැතිනම් කීපදෙනෙකුගේ වැරදි, වංචනික ක්‍රියාකලාපයන් නිසා අනාගතයේදී බහුතරයකට ගැටළු ඇතිවනු නොඅනුමානයි.

Similar Posts