|

ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!

ඉතාලියට රැකියාවන් සදහා තව​ත් ශ්‍රමිකයි​න් අවශ්‍ය​යි. Giorgia Meloni
Prime Minister of Italy

ඊයේ දිනයේදි පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේ​දි ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය මේබ​ව දැනුම් දී තිබෙන​වා. ඒ අනුව Giorgia Meloni ආන්ඩුව විසින් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව වෙත ගැසට් පත්‍රයක් ඉදිරිරිපත් කිරීමට තීරනයක් ගෙන තිබෙනවා.

මෙය 2023 – 2025 කාලය පදනම් කරගෙන ක්‍රියාත්මක් කිරීමට නියමිතයි. මෙම කාලයේ නිකුත්කිරීමට නියමි​ත කෝටාව  කට අධික​යි.

  • 2023 වර්ශයට 136,000
  • 2024 වර්ශයට 151,000
  • 2025 වර්ශයට 165,000 ක් වශයෙනි.

දැනටමත් 2023 වර්ශයට 82000 ක වීසා නීතියක් පැමින තිබෙන නිසා තවත් එයට තවත් 54000 කින් පමන වැඩි වීමක් සිදුවිය හැක.එය අලුත් නීතියක් ලෙස නොව අයදුම් කල අයටම ලබාදීමක් විය හැක. ගැසට් එක පැමිනීමෙන් පසුව ඒ බව ඉදිරිපත් කරන්නම්.

ඉදිරියේ​දි මොනවගේ රැකියා ඛාන්ඩයන් ඇතුලත් විය හැකිද?

  • විදුලි කාර්මිකයන්
  • ජලනල කාර්මිකයන්
  • සෞඛ්‍ය සේවා සේවකයින්
  • වැඩිහිටියන් බලාගන්න පුද්ගලයි​න්
  • හෙදියන්
  • ප්‍රවාහන ක්ශේත්‍රයේ රැකියාවන්
  • කම්කරුවන්
  • ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියාවන්
  • සංචාරක හෝටල් ආශ්‍රිත​ව
  • යාන්ත්‍රික
  • විදුලි සංදේශ
  •  නැව් තැනීම
  • ගෘහ සේවකයි​න්

තවමත් මෙය පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් එකක් ආකාරයෙන් ඉදිරිපත් වී නෑ. මෙය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව මේ සදහා අයදුම් කරන ආකරය හා 2023 කෝටාව සම්බන්දයෙන් පුද්ගලයින් තෝරාගන්න්නා ආකාරය සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්.

නැවතත් මෙය ඉදිරියේ වෙනස් වෙන්නත් පුලුවන්.එම නිසා කවුරුත් දැන්ම කලබල වන්න එපා.

Similar Posts