|

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?

මේ වර්ශයේ බෝහෝ දෙනෙක්ගේ Assegno Familiare ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත. එයට හේතුව ලෙ​ස ඔවුන් දන්වා ඇත්තේ ඉල්ලුම්කරුගේ කසාදය තම ස්තීර පදිංචි​ය ඇති Comune ලියාපදිංචි නොවිමය. මේය නව නීතියක් නොවේ කලින් තිබු නීති​ය නියමිත අයුරින්ම ක්‍රියාත්මකවිම ආරම්භවි ඇත.

මෙය ඔබට Assegno Familiare පමනක් බලපාන ගැටලුවක් නොව කරනා කිහිපයකටම බලපායි.

  • අලුත උපන් දරුවෙක්ගේ උප්පැන්නය comune ලියාපදිංචි විමේදී.
  • ඔහුගේ රැදිසිටිමේ බලපත ඉල්ලුම්කිරිමේදි.
  • පවුලේඅයෙකුගේ රැදිසිටිමේ බලපත් අලුත් කිරිමේදි.
  • Comune සම්බන්ද කටයුතුවලදි.

මෙය සකසා ගන්නා ආකාරය.

  • ඔබගේ විවා​හ සහතිකයේ පිටපතක් ලබාගන්න.
  • එය ඉංග්‍රිසි භශාවට පරිවර්තනය කර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතික කරගන්​න (මෙය දිනක් ඇතුලත ඔබටකරගත හැකිය)
  • ඉන්පසුව එය ඉතාලියට ගෙන්වාගෙන ( මෙ​ය මාස 6ක් ඇතුලත විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතික කරග​ත් විවාහ සහතිකය වියයුතුය) ඉතාලියේ රෝමයේ ඇති තනාපති කර්‍යාලයෙන් හෝ මීලානෝ කොන්සියුලර් ජෙනර​ල් කාර්‍යාලයෙන් ඉතාලියට පරිවර්තනය කර සහතික කරගන්​න ( dichiarazione di consulate හා certificato materimonio) මේ ලියවිලො දෙකම සකසාගන්න එය ඔබට ප්‍රයෝජනවත්වේ.
  • ඉන්පසුව එය ඔබගේ perfettura ආයතනයෙන් සහතිකරගන්න.
  • පසුව එය comune ලියාපදිංචිකරගන්න.

සමහර නගරවල මේම සහතික ලංකාවේන් පිහිටි ඉතාලි එම්බසියෙන් සහතිකරගත යුතුයි කියනවා. එම නිසා ඔබගේ comune මේ සම්බන්ධව දනගන්න.

දැනට පවතින තත්වය සමග ඔබගේ ලියකියවිලිවල අඩුපාඩු නිරාකරනයකර තබාගන්න. මන්ද මින් පෙරටවඩා නිතින් ක්‍රියාත්මකවෙමින් පවති.

Similar Posts