|

2023 සැප්තැම්බර් 18 සිට විභාගයකින් තොරව රියදුරු බලපත්‍රය​ක්

2023 සැප්තැම්බර් 18 වන දින සිට නව නීතිවලට අනුව රියදුරු පරීක්ෂණයකින් තොරව A සහ ​​A2 බලපත්‍රය ලබා ගත හැකිය.එය මේ වන විට නිල ගැසට් එකක් මාර්ගයෙන් දැනුම් දි තිබෙනවා.

දැන් බොහෝ දෙනෙක්ට ගැටලුවක් ඇති වෙනවා A සහ ​​A2 යන ඛාන්ඩ වලින් මොනවද පදින්න පුලුවන් කියලා. මුලින්ම ඒ සම්බන්දව අවබෝදය ලබාගෙන මෙය ලබාගන්නා ආකාරය හා ලබාගත හැක්කේ කාටද කියලා බලමු.

A2 ඛාන්ඩය

  • මෙය වයස අවුරුදු 18 න් ලබාගැනීමේ හැකියාව තිබෙනවා
  • පැදවිය හැකි උපරිම ධාරිතාවය 35kw
  • උපරිම බර 0.2kw/kg

මේ යටතේ පැදවිය හැකි බයික් කිහිපයක්.



A / A3 ඛාන්ඩය

A ඛාන්ඩය යනු ඕනෑම ධාරිතාවක් සහිත බයික් එකක් පැදවීමට අවස්තාව උදාකර දෙන බලපත්‍රයකි. නමුත් මෙහිත් යම් කොන්දේසි කිපයක් තිබෙනවා.

වයස අවුරුදු 21 ක් හෝ ඊට අඩු කෙනෙක් මේ බලපත්‍රය ලබාගන්නේ නම් ඔහුට එකවරම අසීමිත හැකියාව සහිත් බලපත්‍රය ලබාදෙන්නේ නෑ. ඔහුට 15KWh සහිත උපරිම ධාරිතාවක් සහිත මෝටර් බයික් එකක් පමනී.

අවුරුදු 24න් පසුව ඕනෑම ධාරිතවකින් යුත්ත බයික් එකක් පැදවිය හැක.

මේ යටතේ පැදවිය හැකි බයික් වර්ග.

මෙම පුහුණු පාඨමාලාවට සහභාගී වීමට ඇති කොන්දේසි

  • A රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා, ශිෂ්‍යයාට අවම වශයෙන් වසර 2 ක් සඳහා A2 රියදුරු බලපත්‍රය තිබිය යුතුය. (එබැවින් අවම වයස අවුරුදු 20 විය යුතුය)
  • A2 බලපත්‍රය ලබා ගැනීම සඳහා සහභාගී වන ශිෂ්‍යයාට අවම වශයෙන් වසර 2ක් සඳහා A1 බලපත්‍රය තිබිය යුතුය (එබැවින් අවම වයස අවුරුදු 18 විය යුතු අතර A1 බලපත්‍රය තිබිය යුතු වන​වා)

පුහුණු පාඨමාලාව සිදුවන ආකාර​ය.

  • පැය 3 ක පුහුණුව, කන්ඩායමක් වශයෙ​න්  එක් වරකට  අපේක්ෂකයින් 5 දෙනෙක් පමනී.
  • පැය 4 ක තනි තනි පුහුනුවක්.

කන්ඩාය​ම් පුහුණුව යටත් කල යුතු දේව​ල්

  • අත්වැසුම්, බූට්, හිස්වැසුම් සහ වෙනත් ආකාරයේ ආරක්ෂිත ඇඳුම් නිවැරදිව පැළඳීමෙන් ආරක්ෂිත රිය පැදවීම සඳහා සූදානම් වීමට ශිෂ්‍යයාට ඉගැන්වී​ම.
  • ටයර්, තිරිංග, වීල් එ​ක, හදිසි ස්විචය (තිබේ නම්), දම්වැ​ල, තෙල් මට්ටම පරික්ශා කිරී​ම, විදුලි පහන්, සයිඩ් කන්නාඩි පරික්ශා කිරී​ම සහා සිග්නල් ලයිට් සම්බන්ද​ව ශිෂයාට ඉගැන්වීම
  • බයික් එක ස්ටෑන්ඩ් කිරීම. ස්ටෑන්ඩ් කර තිබියදී එංජින් එක පනගැන්වීම, බයික් එකෙන් නිවරදිව බසින ආකරය සම්බන්ද​ව ශිෂයාට ඉගැන්වීම
  • වේගය වැඩි කරන ආකරය හා

තනි පුහුනුවක් යටත් කල යුතු දේව​ල්.

  • බයික් එක පනගැන්වී​ම, වාහන නැවැත්වීමේ ස්ථානයෙන්,
  • ගමනාගමනය නතර කිරීමෙන් පසු ප්‍රදාන පාරකට ඇතුල් වීම
  • සීමිත ඉඩ ප්‍රමාණයකදී පදිකයින් නිතර ගැවසෙන සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන වාහන සහි​ත මාර්ගයක රිය පැදවීම
  • වංගුව රිය පැදවීම , හරස් මාර්ග සහ මංසන්ධිවල රිය පැදවීම
  • දිශාව වෙනස් කිරීම:
  • දකුණට සහ වමට හැරවම ​හා මංතීරු වෙනස් කිරීම.
  • තවත් වාහනයක් අබිබ​වා යාම
  • වටරවුම, දුම්රිය හරස් මාර්ග, බස් හෝ ට්‍රෑම් රථ නැවතුම්, පදික හරස් මාර්ග, කදු සහා බෑවුම​ක ධාවනය, උමං මාර්ග වල බයික් එක පැදවීම.

කිසිදු අපේක්ෂකයෙකුට දිනකට පැය 3 කට වඩා වැඩි කාලයක් පුහුණුව ලබා ගත නොහැක, එබැවින් පාඨමාලාවට අවම වශයෙන් දින 3 ක කාලයක් තිබිය යුතුය.

කිසිදු රියදුරු බලපත්‍රයක් නොමැති කෙනෙක්ට මෙය ලබා ගත හැකිද?

ඔව් ගැනීමේ හැකියාවක් තිබෙනවා.ඒ සදහා මුලින්ම A1 බලපත්‍රය ලබගත යුතුයි. ඒ සදහා සාමාන්‍ය ලිඛිත පරික්ශනයෙන් සමත් වීම අනිවාර්යයයි. එය ලබාගත් කෙනෙක් නම් මේ වන විට වසර දෙකක් කාලයක් රියදුරු බල පත්‍රය A2 බලපත්‍රය ලබාගන්න පුලුවන්. ඊලග පියවර ලෙස තවත් අවුරුදු දෙකක් රියපැදවීමෙන් පසුව ඕනෑම බයික් එකක් පැදවිය හැකි A3 නොහොත් A ඛාන්ඩයේ බයික් එකක් පැදවිය හැකියි.

මෙය කිසි ලෙසකත් කිසිම විභාගයක් නොලියූ කෙනෙක් සදහා ලබාගැනීමට හැකියාවක් නෑ.මේ වන විටත් බොහෝ දෙනෙක් ඒ විදියට සිතා සිටිනවා විය හැකියි. ඒ නිසා එම වරදි මතය දුරු කිරීම පිනිස මේ දීර්ග ලිපිය ඔබ වෙත ගෙනාඅවේ. ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා නම් ශෙයා කර ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න.

 

Similar Posts