ඔබටත් ජනසංගණනයට ලිපියක් ලැබුනාද?

CENSIMENTI PERMANENTI POPALAZIONE E ABITAZIONI

ඔබටත් Istat (Istituito Nazionale di Statistica- ජාතික සංඛ්‍යාන ආයතනය) ආයතනයෙන් ලිපියක් ලැබුනාද?

කාලයකට කලින් ඉතාලියේ ජනසංගනනයක් කෙරැනේ අවුරුදු 10කට වතාවක්. නමුත් 2018 වසරේ සිට මෙම තත්වය වෙනස් වෙලා තියෙනවා. Istat ආයතනය තීරණය කර තිබෙනවා වසරක් පාසා මෙම තොරතුරු ලබා ගැනීමට, නමුත් පෙර පරිදි ඉතාලියේ ජීවත් වෙන සියලුම පවුල් වලින් නෙමෙයි, වසරක් පාසා නියැදියක් ලෙස තෝරා ගන්නා පවුල් ඒකක වලින් ලබා ගන්නා තොරතුරු මත. මෙහිදී යම් භූමි බාගයක ජීවත් වන ජනයාගේ ස්වභාවය, ඔවුන්ගේ සමාජ හා ආර්ථික තත්වය ජාතික, පලාත් හා ප්‍රාදේශීය මට්ටමින් හදුනා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මේ අනුව:
2019 වසරේදී ඉතාලියේ නගරසභා 2800ක ජීවත් වන 1.400.000ක පවුල් ඒකකයන්හි තොරතුරැ ලබා ගැනීමට Istat ආයතනය බලාපොරොත්තු වෙනවා.

ඔබටත් Istat ආයතනයෙන් ලිපියක් ලැබුනේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ප්‍රශ්න මාලාවට පිලිතුරැ ලබාදිය යුතුය. ඔබ තොරතුරු ලබා නොදුන්නොත් දඩයක් ගෙවීමට සිදුවනු ඇත. 2019 දෙසැම්බර් 20 වන දින දක්වා මේ සදහා සහභාගි විය හැක.

ඒ සදහා සහය හා වැඩිදුර පැහැදිලි කිරිම් අවශ්‍ය නම්,

  1. Numero verde 800.188.802
  2. විද්‍යුත් තෑපෑල censimentipermanenti.popolazionelista@istat.it
  3. පහත වෙබ් අඩවියෙහි සදහන් Istat තොරතුරු එකතු කිරීමේ මධ්‍යස්ථානයක සහය ලබාගන්න. https://www.istat.it

Istat ආයතනයෙන් ලිපියක් නොලැබුණේ නම් මෙම වසරේ දී ඔබ එම ප්‍රශ්න මාලාවට පිලිතුරැ ලබාදිය යුතු නැත.

Similar Posts