2021 අගෝස්තු 6 වෙනිදා සිට GREEN PASS නැතහොත් CERTIFICATO VERDE සහතිකය ළඟ තබාගනීම ඉතාමත් වැදගත් බව ඔබ අපි සැවොම දන්නවා.
TESSERA SANITARIA හෝ SPID එක නොමැති ඔබටත් දැන් GREEN PASS එක ලබා ගන්න පුළුවන්.

පලමුව www.dgc.gov.it වෙබ් අඩවියට යන්න.ඉන් පසු utente non iscrtto al SSN vacinato in Italia යන අංශයෙන් පිවිසෙන්න.

 

ඔබට වලංගු සනිතාරියා කාඩ් පත තිබේ නම්

පහත විස්තර පිරවීමෙන් Green Pass ලබාගත හැක.

ඔබට සනිතාරියා කාඩ් පත නොමැති නම්,

ඔබ එන්නත ලබාගැනිමට ලියාපදිංචි වූයේ පහත සදහන් වලංගු ඩොකුයුමන්ට් එකකින් නම් එම ඩොකුයුමන්ට් එකේ අංකය ලබාදී අනෙකුත් විස්තර ලබාදී Green Pass ලබාගත හැක.

උදා:-

    • පාස්පෝර්ට්
    • රියදුරු බලපත
    • කාර්තා අයිඩෙන්ටි​තා

SSN මගින්

ඔබ ලියාපදිංචි වූයේ SSN අංකය මාර්ගයෙන් නම් අදාල විස්තර පිරවීමෙන් ඔබට Green Pass ලබාගත හැක.

මේ සදහා කිසිම ආයතනයකට මුදල් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත.ඔබට තනිවම මෙය ලබාගනීමට හැකියාව තිබෙනවා.

මල්ලිකා ගමගේ මහත්මියගේ ලිපියක් ඇසුරි​න්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here