|

උප්පැන්න සහතික , මරණ සහතික ​හා විවාහ සහතික වල පිටපත් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුලුව​න්

දැනට පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මහජනතාවට සිදුවන සංචරන සීමාවන් හමුවේ සිය සේවාවන් අපහසුවකින් තොරව නිවසේ සිටම ඉටුකරගැනීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද එක් ප්‍රයත්නයක් මල් ඵල ගැනීමක් වශයෙන් මෙම වැඩසටහනේ සමාරම්භය 2021.08.02 දින පෙරවරු 10.00 පමණ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ යන අමාත්‍ය වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

ඒ අනුව ඉදිරියේදි ඔබට අවශ්‍ය වන

  • උප්පැන්න සහතික
  • විවාහ සහතික
  • මරණ සහතික

වල පිටපත් ලියාපදිංචි තැපෑල හරහා ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.

උපත්, මරණ හා විවාහ සහතික වල පිටපත් online ආකරයට අයදුම් කිරීමේ ක්‍රමවේදය,

මේ සදහා පලමුව ඔබගේ දුරකතනයෙන් හෝ පරිගනකය හරහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිය යුතු වනවා.
https://online.ebmd.rgd.gov.lk/

ඉන්පසුව ඉදිරියට යාම සදහා භාශාව තෝරාගත යුතු වනවා.

  • දුරකථන අංකය
  • ජාතික හැදුනුම්පත් අංකය
  • ඊමේල් ලිපිනයක්
  • ඔබගේ න​ම


ඇතුලත් කර ඔබෙගේ දුරකතන අංකයට ලැබෙන PIN අංකය මගින් දුරකතන අංකය තහවුරු කල යුතු වනවා.

මීලගට ඔබට ලබාගැනීමට අවශ්‍ය උපත්,විවාහ හා මර​ණ සහතික ආදියට අදාල විස්තර ලබාදිය යුතු අතර එම සහතික ඔබට අවශ්‍යය ආකාරයට Speed Post ආකාරයට ඔබේ නිවසට හෝ ලගම පිහිටි ප්‍රාදේශීය සබාව වෙත ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ සදහා ගෙවීම් කිරීමට VISA හෝ Master card බාවිතා කලයුතු වනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *