|

REDDITO DI CITTADINANZA (කහ කාඩ් එක) අරන් වැඩ වරද්ද ගන්න එපා.

මේ දිනවල ජෙනෝවා (Genova) නගරයේ කරනලද විශේෂ විමර්ශනයකින් පසුව 2020 දී REDDITO DI CITTADINANZA ලබාගත් 1500 දෙනෙකුට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම් සපුරා නොමැති කමය.ඒවානම්,

  • වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි)
  • රැකියාවක නිරතවී​ම හෝ රැකියා විරහිත වීම
  • ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE)
  • දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම.
  • අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචි වීම.

බොහෝ අය විවිධ ආයතන මගින් ඉල්ලුම් කරන නිසා ප්‍රධාන සුදුසුකම් නොමැතිවත් ඉල්ලුම් කරඇත. නමුත් නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුන දෙන්න වෙන්නේ ඔබට තනිවමය.එම නිසා ඔබ REDDITO DI CITTADINANZA ලබා ගැනීමට පෙර හොදින් සැලකිලිමත් වන්න. ඉතාලියේ ජීවත් වන ඔබ තාවකාලික දීමනාවක් නිසා ඔබේ අනාගතයට නීති ප්‍රශ්න ඇති කරගන්න එපා.ඔබ රජයට විරුද්ධව වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව ඔප්පු වුනහොත්

  • PERMESSO DI SOGGIORNO LUNGO PERIODO හෝ
  • CITTADINANZA ITALIANA

ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඔබ වංචාකාරයෙක් ලෙස PENALE (ඉතාලි පොලිස් වාර්තාවේ) හි සදහන් වෙනවා. එයට අමතරව  ඔබ ලබාගත් සම්පූර්ණ මුදල් ආපසු ගෙවිය යුතුවේ. එයට අමතරව දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ.

හොදින් සිතාබලා ඔබ තීරනය කරන්න. සුලු මුදලක් වෙනුවෙන් ඔබව පාවිච්චියට ගන්න පුද්ගලයන්ට හෝ ආයතන වලට ඉඩ දෙන්න එපා.

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

මේ ලිපිය කියවා බලන්න.

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *