|

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

Reddito di cittadinanza ගැන නොදන්න අය සිටිනවා නම් මුලින්ම පැහැදිලි කර සිටිනම්.

Reddito di cittadinanza ලබාගැනීමට අවශය සුදුසුකම්,

  1. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි)
  2. රැකියා විරහිත හෝ රැකියා විරහිත වීම
  3. ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE)
  4. දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම.
  5. අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචි වීම.

මේ කෙසේ නමුත් බොහෝ දෙනෙක් වසර 10 ඉක්මවීමට පෙර මේ සදහා අයදුම් කිරීමට පෙලබී තිබෙනවා.එයින් සමහරෙක්ට මේ වන විටත් ඔවුන් කල වංචාව වෙනුවෙන් ලබාගත් සියලු මුදල් ගෙවීමට හා ඒ වෙනුවෙන් දඩ මුදලක් ගෙවීමටත් සිදුවූ අවස්තා අසන්නට දකින්නට ලැබී තිබෙනවා. මේ බව සනාත කිරීමට අප විසින් ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයේ චන්දයක්ද පවත්වනු ලැබුවා එහිදීද දකින්නට ලැබුනේ බොහෝ දෙනෙක්ට දඩ මුදලක් ගෙවීමට ලැබුන බවයි.

මේ අතර Reddito di cittadinanza අයදුම් කිරීම නිසා ඉතාලි රජයෙන් ලබාදෙන අනෙකුත් දීමනා නොලැබී යාම්ද දක්නට ලැබී තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම නම් Reddito di cittadinanza අයදුම් කර තිබෙන පුද්ගලයින්​ට Reddito di Emergenza මුදල් නොලැබී යාමයි.

ඉහත සදහන් කරුනු නිසාම බොහෝ දෙනෙකුට Reddito di cittadinanza අවලංගු කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගී තිබෙන​වා. ඒ අය වෙනුවෙන් මෙය Reddito di cittadinanza මුදල් ලැබීම සම්පූර්නයෙන්ම නවත්වාගනනේ කෙසේද යන්න ඔබට ඉදිරිපත් කරන්නම්.

මුලින්ම පහත සදන් මොදූලෝ දෙක පුරවන්න.මෙය ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ලින්ක් එකත් පහතින් දාන්නම්.
https://www.fenalca.it/wp-content/uploads/2020/11/Modulo-rinuncia-reddito-cittadinanza.pdf

 


ඉන්පසුව ඔබ කල යුත්තේ තමන්ගේ පදිංචිය අනුව අයත්වෙන INPS එකට PEC මේල් එකක් මගින් දැන්වීමයි.තමන්ගේ gmail,yahoo වගේ ඒවලින් දාන්න එපා. තේරුමක් නෑ. තමන්ට අදාල inps pec මේල් එක හොයාගන්න මේ ලින්ක් එක බාවිතා කරන්න. https://www.inps.it/prestazioni-servizi/servizio/2376

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *