නිවසින් බැහැරව යාමේදී අවශ්‍ය Autodichiarazione හී සිංහල පරිවර්තනය.

මේ වන විට සමස්ත ඉතාලියම ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම්

  • රතු කලාප​ය (අධි අවදානම්)
  • තැබිලි කලාපය (ඉහළ අවදානම්)
  • කහා කලාප​ය (සාමාන්‍ය අවදානම්)

ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම මෙම සහතිකය පුරවා ලබතබාගත යුතුය.

ඔබ කහ තැඹිලි කලාපයේ ජීවත් වන පුද්ගලයෙක් නම් රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වා නිවෙසින් පිටවීමේ දී මෙ​ම සහතිකය ළඟ තබාගගත යුතුය

පහත ලින්ක් එකෙන් ඔබට මෙය බාග​ත කර ගතහැක. ඉන්පසු ඔබට ලගම ඇති ස්ථානයකින් ප්‍රින්ට් කරගන්න.

https://drive.google.com/file/d/

අපි මෙහි සිංහල පරිවර්තනය බලමු.

  1. සම්පූර්ණ නම
  2. උපන් දිනය
  3. උපන් ස්ථානය
  4. රෙසිදෙන්ත් තියෙන ප්‍රදේශය
  5. රෙසිදෙන්ත් තියෙන තැන ලිපිනය
  6. වාසය කරන ප්‍රදේශය
  7. වසය කරන ස්ථානයේ ලිපිනය
  8. හදුනා ගැනීම් පත්‍රයේ නම (රියදුරු බලපත්‍රය, හැදුනුම් පත හෝ විදේශ ගමන් බලපත්‍රය
  9. හදුනා ගැනීමේ බලපත්‍රයේ අංකය
  10. හදුනා ගැනීමේ බලපත්‍රය නිකුත් කල ස්ථානය
  11. හදුනා ගැනීමේ බලපත්‍රය නිකුත් කල දිනය
  12. දුරකථන අංකය
  13. එලියට යන හේතුව ඉස්සරහට X දාන්න
    • comprovati motivi di lavoro (වැඩට නම් යන්නේ, එතන නම සහ ලිපිනය)
    • motivi di salute (බෙහෙත් ගන්න නම් යන්නේ කොහෙටද, ෆාමසියටද/ඉස්පිරිතාලෙටද/පවුලේ වෛද්‍යවරුන්ද හමුවටද – තියෙනවා නම් ලිපිනය)
    • comprovati motivi di natura famigliare (ඉතාමත් හදිසි දෙයකට, පවුලේ පොඩි බබෙක්ට, අසනීපයකින් පෙලෙන කෙනෙක්ගේ ස්වාභාවික අවශ්‍යතාවයක් සදහා හෝ ඒ සදහා මිල ගැනීමට)
    • ඉගනීම් කටයුතු සදහා
    • වෙනත් අවශ්‍යතා සදහා
  14. පිටත් වූ ස්ථානයේ ලිපිනය
  15. පැමිණිය යුතු ස්ථානය
  16. මේ කොලය පුරවපු ප්‍රදේශය
  17. මේ කොලය පුරවපු දිනය
  18. අත්සන

මෙහි පරිවත්නය සදහා අප හට දායකත්වය ලබා දුන්නේ නාපොලියේ වෙසෙන නිශාන් මදුසංක මහතායි.ඔහුට අපගේ ස්තූතිය මේ මොහොතේ පුදකරන්වා.

Similar Posts