තහනම් කරන ලද කරපිංචා ලංකාවේ සිට ඉතාලියට ගෙන ඒම සම්බන්දයෙන්

යුරෝපා සංගමයේ EUROPHYT දැනුම්දීම අනුව ඉහත ආහාර අයිතමය ශ්‍රී ලංකාවේ සිට යුරෝපා සංගමයේ රටවල් වලට රැගෙන ඒම තහනම් කොටඇත. එහෙත් පසුගිය නොවැම්බර් මාසයේ සිට ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ගමන්මලු තුළ කරපිංචා රැගෙන පැමිණ ඇති බවත් එයින් වැඩි ප්‍රමාණයක් කටානියා ගුවන් තොටුපලේදී අනාවරනය කර ගන්නා ලද බවත් ඉතාලියේ සහ යුරෝපා රේගු ආයතන දැනුම් දී ඇත. යුරෝපා සංගමය යටතේ තහනම් කරන ලද ආහාර ද්‍රවය එම සංගමයට අයත් රටවලට මෙසේ රැගෙන ඒම ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට සහ යුරෝපා රටවලට අපනයනය කරනු ලබන වෙනත් ආහාර ද්‍රවය කෙරෙහි අහිතක බලපෑමක් ඇතිකරයි. එම නිසා, “කරපිංචා” ආහාර අයිතමය ඔබගේ ගමන්මලු තුළ රැගෙන ඒම සිදු නොකරනලෙස කාරුණිකව දන්වා සිටින අත එවැනි ද්‍රවය රැගෙන ඒමෙන් කටුනායක ගුවන් තොටුපරළේ සිදු කරන ගමන් මලු පරීක්ෂාවේදී දී විවිධ අපහසුතා වලට මුහුණ දීමට ඔබට සිදුවිය හැකි බව ද තව දුරටත් දන්වා සිටිමු. මේ පිලිබද ඔබගේ කාරුණික අවධානයට ස්තූතිවන්ත වන අතර, මෙම වැදගත් තොරතුරු ශ්‍රී ලංකාවේ සිට පැමිරණන ඔබගේ ඥාතීන් හා මිතුරන් වෙතද ලබා දෙන්නෙ නම් කෘතඥ වෙමූ.

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts