ඔබත් ඉතාලියේ රැදීසිටීමේ බලපත්‍රයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙක්ද? එසේනම් ඔබටත් පහත සුදුසුකම් තිබේ නම් Tesserino STP කාඩ් පත(බෙහෙත් කාඩ් එක) ලබාගත හැක.

මෙයින් සිදුවන්නේ කුමක්ද​?

ඇතුල්වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට අනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට හදිසි අත්‍යවශ්‍ය හා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටයි මෙහි අරමුන.

මෙමගින් පහත අවශයතාවයන් තිබෙන පුද්ගලයන්ට සේවාවන් සපයනවා.

  • හදිසි වෛද්‍ය ප්‍රතිකාර:
    • ජීවිත අනතුරකින් තොරව හෝ පුද්ගලයාගේ සෞඛ්‍යයට හානියක් නොමැතිව කල් යැවිය නොහැකි ප්‍රතිකාර.
  •  අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර:
    • කෙටිකාලීන භයානක නොවන නමුත්, කාලයත් සමඟම සෞඛ්‍ය ගැටලු හෝ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි රෝග වලට සම්බන්ධ ප්‍රතිකාර.
  •  අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර:
    • දිගු කාලීන ප්‍රතිකාර සඳහා ලබා දෙන ප්‍රතිකාර.

STP කාඩ්පත සකසකසාගන්නේ කෙසේද?

• මෙය හදීසි අනතුරු ඒකකයෙන් හෝ දේශීය සෞඛ්‍ය අධිකාරිය නිකුත් කරනු ලැබේ. (ASL)
පළමුවන වෛද්‍ය ප්‍රතිකාරය ලබාගන්න්නා අවස්ථාවේදී

• වෛද්‍ය ප්‍රතිකාරයක් ආරම්භකිරීමට පෙර පුද්ගලයෙක්ට එය ඉල්ලිම්කර හැකිය​.

වැදගත්ම කරුන තමයි පදිංචි බලපත්‍රයක් නොමැති කෙනෙක් හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන විට, ඔහුගැන පොලිසියට වාර්තා නොකෙරේ.

 මෙය සාදාගැනීමට අවශ්‍ය ලියවිලි මොනවාද?

  • හැඳුනුම් පත්‍රය හෝ නම, වාසගම, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය සහ ජාතිකත්වය ප්‍රකාශ කිරීමට හැකි ලේඛනයක්
  •  මුදල් අපහසුතාවයට පත්වී සිටින බවට ලිපියක්.
  •  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) හට ලියවීමට නොහැකි බවත්, සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැතිබව ප්‍රකාශ කිරීමට ලිපියක්.

මෙම STP කාඩ්පත මගින් ඔබ හට සහතික කර තිබෙන වෛද්‍ය ප්‍රතිකාර,

  • දරුවාගේ සෞඛ්‍යය සඳහා සහය.​
  • එන්නත්.
  • අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය.
  • බෝවෙන රෝග සදහා අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය සහ ප්‍රතිකාර කිරීම.
  • මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කිරීම.
  • ගර්භනීභාවය සහ මාතෘත්වය සහය​

මෙම කාඩ්පත කොපමන කාලයක් වලංගුද?

මෙම කාඩ්පත මුළු රට පුරාම වලංගු වන අතර මාස 6 කට පමනක් සීමා වේ.
ඔබ මාස 6කින් පසු නැවත අලුත් කර ගත යුතු වේ.