|

ගෙවල් කුලිය Reddito di cittadinanza මුදල් මගින් ගෙවන්නේ කොහොමද?

ඔබ ඉතාලිය තුල කුලියට නිවසක් ලබගෙන හෝ ණය මුදලකට ගෙවයක් මිලදීගෙන සිටින කෙනෙක් නම් Reddito di cittadinanza මුදලින් ඔබට වාරික ගෙවීමේ හැකියාවක් තිබෙනවා.එම දේපල නිවසේ වෙන යම් පුද්ගලයෙකුට තිබුනත් RDC මගින් ගෙවෙමේ හැකියාව තිබෙනවා. උදා:- සැමියාගේ හෝ බිරිදගේ නමට තිබෙන දේපලක් සදහා RDC කාඩ්පත් හිමියාට ගෙවිය හැක.

Reddito di Cittadinanza e Affitto

  1. ඔබ කුලී පදනම මත නිවසක් මිලදීගත් පුද්ගලයෙකු නම් ඔබට මාසිකව උපරිමය 280 euro (වාර්ශීකව 3360) දක්වා ගෙවීමේ හැකියාව තිබෙනවා.
  2. ඔබ (Mutuo) ණය මුදලකින් නිවසක් මිලදී ගෙන තිබේ නම් ඔබට මාසිකව 150 euro (වාර්ශීකව 1800) දක්වා ගෙවීමේ හැකියාව තිබෙනවා.

ගෙවල් කුලිය ගෙවීම හා නිවසේ ණය වාරිකය ගෙවීම තැපැල් කාර්යාලය මගින් ගෙවීමේ හැකියාව තිබෙනවා.එය සෑම විටම Bonifico එකක් විදියටම කලයුතු වනවා. එමෙන්ම ඔබට මෙයාකාර​ව Bonifico එකක් මගින් ගෙවිය හැක්කේ ගෙවල් කුලිය ගෙවීම හා නිවසේ ණය වාරිකය පමනකි. වෙනත් ගෙවීම් කිරීමට අවසරයක් නොමැත.

Rdc කාඩ්පත භාවිතයෙන් වාරිකයන් ගෙවන්නේ කෙසේද?

මෙය Tramite Bonifico SEPA o Postagiro යන ක්‍රම දෙකෙන්ම ගෙවීම්කල හැකිවේ. මේ අවස්තා දෙකෙදීම කලයුතු දේ එකසමාන වේ.

  • මුලින්ම ඔබට ලගම පෝස්තා එකට යන්න.
  • ඉන්පසුව කවුන්ටර් එකේ ඉන්න කෙනාට මෙසේ පවසන්න , che si desidera effettuare il bonifico per l’affitto, o per la rata del mutuo, usando la carta Rdc.
  • ඉන්පසු ඔබගේ carta d’identità e codice fiscale පරික්ශාකර බැලීමෙන් පසුව ඔබට Ordine di bonifico SEPA – Postagiro (disposto da Carta Reddito di cittadinanza) අයදුම්පත ලබාදෙයි.

එය මෙවැනි අයදුම්පතකි.

ඉන් පසුව,

  • Ordinante (intestatario reddito di cittadinanza)
  • Importo
  • Nome del beneficiario
  • IBAN del beneficiario
  • Causale මෙම කරුණු ටික පුරවන්න.

යූරෝ 280 ට වැඩි වුවද කුලියෙහි සම්පූර්ණ මුදල ගෙවිය හැකිද?

ඔව්, මෙය කළ හැකිය. කුලියෙහි සම්පූර්ණ මුදල ගෙවීම සඳහා යුරෝ 280 ක් පමණක් නොව Rdc සම්පූර්න මුදල​ම ද භාවිතා කළ හැකිය. මෙයට හේතුව බොහෝ නගරාසන්න ප්‍රදේශවල නිවෙ​ස් වල කුලි​ය යුරෝ 280 ට වඩා වැඩි වීමයි.

පවුලේ ඒකකයේ තවත් සාමාජිකයෙකු වුවද කුලී​ය හෝ ණය මුද​ල Rdc කාඩ්පතක් සමඟ ගෙවිය හැකිද?

කාඩ්පත් හිමියාගේ නමින් නොතිබුණද, කුලී, උකස් හෝ බිල්පත් ගෙවිය හැකි අතර, හිමිකරු එකම පවුල් ඒකකයක සාමාජිකයෙකු වන තාක් කල්. සහනාධාරය ගෙවනු ලබන්නේ සමස්ත කුටුම්භයේ ආදායම පදනම් කරගෙන ය. උදාහරණයක් ලෙස, බද්ද බිරිඳගේ නමින් නම්, නමුත් ස්වාමිපුරුෂයා පුරවැසි ආදායම සඳහා ඉල්ලුම් කළේ නම්, Rdc කාඩ්පත භාවිතයෙන් මාරුවීමක් කළ හැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *