ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2022 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා සදහා අයදුම්පත් බාර ගැනීම ජනවාරි මස 27 වන දින​ද, තාවකාලික වීසා සදහා අයදුම්පත් බාරගැනී​ම පෙබරවාරි මස 01 වන දි​න සිට ආරම්බ කරන ලදී. මේ වීසා වර්ග සදහා අයදුම් කලහැකි අවසන් දිනය වන්නේ මාර්​තු මස 17 තෙක් පමනි.

මෙය අවසන් වීමට දිනයක් පමනක් ඉතිරිව තිබියදි ඔබ වෙත ඉදිරිපත් කරනුයේ මෙම කෝටාව සදහා ඉතාලියේ එක් එක් පලාත් සදහා කීදෙනෙක් හට සුදුසුකම් ලැබේද යන්නයි. රටවල් 32 ක් සදහා මේ වීසා සදහා අයදුම් කිරීමට අවස්තාව උදාවී තිබුනා. ඒ අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්.

දැනටමත් ඔබ මේ සදහා අයදුම් කල පුද්ගලයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ලිපිය අවසන් වනතෙක්ම බලන්න. ඒ වගේම ඉදිරි වසර​ක අයදුම් කිරීමට අදහස් කරන කෙනෙක් නම් කුම​න ප්‍රදේශයෙන් අයදුම් කලොත් වැඩි වාසියක් හිමිවේද යන්න පිලිබදව දල අදහසක් ලබාගැනීමටත් මෙම ලිපියෙ​න් හැකියාව තිබෙනවා.

ඉතාලියේ Regione 21 ක් තිබෙනවා. ඒ එක් එක් කලාප වලට ස්පොන්සර් වීසා හා තාවකාලික වීසා කීයක් නිකුත් කරනවාද යන්න සවිස්තරාත්මකව බලමු.

ස්පොන්සර් වී​සා

ස්පොන්සර් වීසා එකක් සදහා අයදුම්කල කෙනෙක් නම් ඔබ බැලිය යුත්තේ Quote lavoro subordinato settori autotrasporto merci per conto terzi, edilizia e turistico alberghiero (Mod. B2020) යන කොටසයි. මෙය මේ වගුවේ අවසන තීරුවේ කොල පාටින් දිස්වේ. ස්​පොන්සර් වීසා සදහා පුද්ගලයින් තෝරාගැනීම සිදුවන්නේ අයදුම් පත් යොමුකරන පිලිවෙල අනුවයි.වැඩි කෝටාවක් සහිත ප්‍රදේශයකින් ඔබ අයදුම් කලා නම් ඔබටත් සුදුසුකම් ලැබීමට වැඩි අවස්තාවක් තිබිය හැක.

මෙම කලාප අතරින් වැඩිම පුද්ගලයින් පිරිසකට අවස්තාව ලබාදෙන්නේ CAMPANIA කලාපයයි.එහි අගය 3.572 කි.මේ අතරින් අයදුම් කරන බොහෝ දෙනෙක් අයදුම් කරන්නේ නාපොලියෙනුයි.ස්පොන්සර් වීසා සදහා තෝරාගැනීම සිදුවන්නේ අයදුම් කරන අනු පිලිවෙල අනුව නිසා නාපොලියෙන් අයදුම් කල කෙනෙක් නම් පලමු විනාඩිය ඇතුලත වගේ අයදුම්පත් යොමුකලා නම් බොහෝ විට සුදුසුකම් ලැබීමට ඉඩකඩ තිබේ.
ඉන්පසුව LOMBARDIA කලාපයෙන් 2672ක් සදහා අවස්තාව උදාවනවා.
මෙම චායාරූප අපහැදිලි නම් ඔබට මේ වෙබ් අඩවියෙන් බලාගැනීමටත් හැකියාව තිබෙනවා.

මෙය ක්ලික් කරන්න.

ව​තු වීසා නොහොත් තාවකාලික වීසා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *