Permesso di soggiorno lungo periodo එකෙන් කලහැකි දේවල්

Carta soggiorno කියල අපේ ව්‍යවහරෙ තිබුනත් මෙහි නියම නම වෙන්නෙ permesso di soggiorno lungo periodo ue.ඒ කියන්නෙ මේ වීසා බලපත්‍රය යුරෝපීය හවුල තුලත් වලංගුයි කියලයි.

දැනට මෙය ලබා දීමට ප්‍රධාන වශයෙන්

  • ඉතාලියේ soggiorno එක අවුරුදු 5 පරණ වීම
  • Residenza
  • අවසාන අදායම් වාර්තාව
  • ඉතාලිය තුල වැරදි නොකර සිටීම ( certificato penale)
  • Indennità Alloggiativa (පවුලේ සාමාජිකයන් අනුව)

අලුතෙන් හදුන්වා දුන් නීතිය අනුව මෙහි කාල සීමාව අනෙකුත් සියලු ලියකියවිලි මෙන් අවුරුදු 10 සීමාකර තිබේ. (decreto 20 Gennaio 2021) නැවත අලුත් කිරීමේදී යුරෝපා හවුලෙන් පිට සිටිය හැකි කාලය (ඉතාලියද ඇතුලත්ව) මාස 12 වන අතර ඉතාලියෙන් පිට වෙනත් යුරෝපා රටක සිටිය හැකි කාලය අවුරුදු 6 කි. මෙම කාලසීමාව ඉක්මවීමෙන් පසු ඔබේ permesso di soggiorno lungo periodo ue නැවත අලුත් නොකරන අවස්තාවන්​ට මුහුණදීමට සිදුවේ.

එවන් අවස්ථාවකදී ඔබට permesso di soggiorno අයදුම් කල හැක. මෙහි ඇති ප්‍රධාන වාසි වන්නේ යුරෝපා සංගමයේ පහ​ත සදහන් රටවල් වලට සංක්‍රමණය වී අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවක් කිරීමට ඇති හැකියාවය.

  • Austria
  • Bulgaria
  • Cipro
  • Croazia
  • Estonia
  • Finlandia
  • Grecia
  • (Italia)
  • Lettonia
  • Lituania
  • Lussemburgo
  • Malta
  • Paesi Bassi (conosciuto anche come Olanda)
  • Polonia
  • Portogallo
  • Repubblica Ceca
  • Romania
  • Slovacchia
  • Slovenia
  • Spagna
  • Svezia
  • Ungheria


මෙම රටවල් වල දීර්‍ර්ඝකාලීනව වාසය කිරීමට අවශ්‍ය නම් එම රටේ permesso di soggiorno di lungo periodo ue එක ඉල්ලීමට හැකියාව ඇත.

Belgio, Francia සහ Germania සදහා එම රටවල ඇති රැකියා සදහා අයදුම් කිරීමෙන් පසුව එම රටවලට සංක්‍රමණය විය හැක.

Permesso di soggiorno lungo periodo ue ඇති දරුවන්ට යුරෝපීය හවුල තුල ඇති සියලුම අධ්‍යාපන අයිතිවාසිකම් ලබා ගත හැක. ඉතාලියටම කොටුනොවී ඔබේ වාසනාව උරගා බලන්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *