Roma, 29 Novembre 2021 නව ගැසට් පත නත්තලට කලින් කැබිනට් මන්ඩලය වෙත,

Il Messaggero වාර්තා කරන පරිදි නව ගැසට් පත මගින් යුරෝපා සංගමයට අයත් වන හා අයත් නොවන් පුද්ගලයි​න් සදහා ඉතාලියට රැකියාවන් සදහා ඇතුල්වීමට රැකියා කෝටාව​ක් හදුන්වා දීමට සුදානම​ක් පවතින බව සදහන් කරන​වා. මෙය පසුගිය වසරේ (2020) ලබාදුන් 30850 සිට 80000 ක් දක්වා වර්දනය කරන බවද සදහන් වේ. සුදුසුකම් සහිත පුද්ගලයින් රැකියා සද​හා ඉතාලියට ඇතුල්වීමට තුන් ගුනයකින් පමන වැඩිවීමක් වශයෙන් මෙය සලකන්න පුලුවන්.

මෙය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබාගෙන නැති අතර ඉක්මනින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සදහන්. පෙර වසරේ ලබාදුන් රැකියා කෝටාව මෙන් නම් කරන ලද අංශ සදහා මෙවරත් අයදුම්කිරීමේ හැකියාව පවති. ඉතාලියට පැමිනීමෙන් පසුව ඉතාලියේ රැදී සිටීමේ බලපත සදහා ඉල්ලුම් කිරීමටද හැකියාවක් ලැබෙනු ඇතැයි පැවසෙනවා.

ස්පොන්සර් වී​සා

මේ යටතේ පහත අංශ යටතේ ඉල්ලුම් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි පැවසෙනවා.

  • භාන්​ඩ ප්‍රවාහන​ය
  • ඉදිකිරීම්
  • හෝටල් හා සංචාරක කර්මාන්තය ආශිත රැකියා

අයදුම් කලහැකි රටව​ල්

  • ඇල්බේනියා
  • ඇල්ජේරියා
  • බන්ග්ලාදේශ්
  • Ivory Coast
  • ඊජිප්තුව
  • El Salvador
  • බොස්නියා Herzegovina
  • කොරියා
  • ටියුනීසියා
  • ගෝතමාලාව

ලෙස Il Messaggero වෙබ් අඩවියේ මෙම රටවල් කිහිප​ය පමනක් සටහන් කර තිබෙනවා. බොහෝ විට මෙයට ලංකාව ඇතුලු තවත් රටවල් කිහිපයක් එක්විය හැක.

මේ වන විටටත් මෙයට විරුද්දව විරුද්ද පක්ශයන්​හී දැඩි දෝශාරෝප​න එල්ල වෙමින් පවතිනවා. Mateo Salvini මහතා පවසන්නේ,

“ඉතාලියේ ජීවත් වන ඉතාලි ජාතිකයින්ටත් ආර්තීක අපහසුතා පවතින මේ මොහොතේ විදේශිකයින්ට 80000 කට පමන රටට ඇතුල් වීමට අවස්තාව ලබාදී​ම මේ මොහොතේ නොකල යුතු දෙය​ක්” බවයි.

දැනට තිබෙන ප්‍රශ්න නිරාකරනය වී ඉදිරීයේදි මෙම නීතිය නීතිගත වෙනතෙක් අපි බලපොරොත්තුවෙන් සිටිමු. මේ ගැන නිල නිවේදනයක් ලැබුන සැනින් ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නම්. රැදී සිටින්න ඉතාලියේ අපි වෙබ් අඩවියත් සමග.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here