මේ වර්ශයේ බොහෝ දෙනෙක්ගේ Assegno Familiare ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත. එයට හේතුව ලෙස ඔවුන් දන්වා ඇත්තේ ඉල්ලුම්කරුගේ කසාදය තම ස්තීර පදිංචිය ඇති comune ලියාපදිංචි නොවිමය. මෙය නව නීතියක් නොවේ කලින් තිබු නීති නියමිත අයුරින්ම ක්‍රියාත්මක විම ආරම්භවි ඇත.
මෙය ඔබට Assegno Familiare සදහා පමනක් බලපාන ගැටලුවක් නොව කරනා කිහිපයකටම බලපායි.
- අලුත උපන් දරුවෙක්ගේ උප්පැන්නය comune ලියාපදිංචි විමේදී.
- ඔහුගේ රැදිසිටිමේ බලපත ඉල්ලුම්කිරිමේදි.
- පවුලේ අයෙකුගේ රැදිසිටිමේ බලපත් අලුත් කිරිමේදි.
- Comune සම්බන්ද කටයුතු වලදි.
මෙය කෙසේද සාදාගන්නේ?
- ඔබගේ විවාහ සහතිකයේ පිටපතක් ලබාගන්න.
- එය ඉංග්‍රිසි භශාවට පරිවර්තනය කර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතිකරගන්න. (මෙය දිනක් ඇතුලත ඔබටකරගත හැකිය)
- ඉන් පසුව එය ඉතාලියට ගෙන්වාගෙන (මෙය මාස 6ක් ඇතුලත විදේශකටයුතු අමාත්‍යාංශයේ සහතිකරගත් විවාහ සහතිකය විය යුතුය) ඉතාලියේ රෝමයේ ඇති තනාපති කර්‍යාලයෙන් හෝ මිලානෝ කොන්සියුලර් ජෙනරල් කාර්යාලයෙන් ඉතාලියට පරිවර්තනය කර සහතික කරගන්න. (dichiarazione consolare හා certificato di matrimonio) මේ ලියවිලි දෙකම සකසා ගන්න එය ඔබට ප්‍රයෝජනවත් වේවි.
- ඉන්පසුව එය ඔබගේ perfettura ආයතනයෙන් සහතිකරගන්න.
- පසුව එය comune ලියාපදිංචි කරගන්න.
ඉතාලියේ පිහිටි තානාපති කාර්‍යාලයේන් සිදුකරන විවාහ සහතිකයේ පරිවර්තන සමහර කොමූන වලින් බාර නොගැනීම සිදු කරයි. මක්නිසාදයත් ඉතාලිය තුල ඕනම ලිපියක් වලංගු ලිපියක් වීමට නම් එය අනිවාර්‍යෙන් ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කල යුතු වනවා. එහෙත් එය කිරීම ටිකක් අපහසු කරුනක් නිසා බොහෝ දෙනෙකු ඉතාලියේ තානාපති කාර්යාලයෙන් හා කොන්සියුලර් කාර්යාලයෙන් සහතික කර පිටපත් ලබාදෙන අවස්තා ඕන තරම් දැකගැනීමේ හැකියාව තිබෙනවා.
ඔබටත් මේ ගැන සැකයක් ඇතිවේ නම් ඔබගේ කොමුනෙන් මේ පිලිබදව මුලින්ම විමසන්න. බහුතරයක් කොමුන සදහා ඉතාලියෙන් කරන සහතික කිරීම ප්‍රමානවත් වේ.
දැනට පවතින තත්වය සමග ඔබගේ ලියකියවිලිවල අඩුපාඩු නිරාකරනය කර තබාගන්න. මන්ද මින් පෙරට වඩා නිතින් ක්‍රියාත්මක වෙමින් පවති.