ඉතාලියේ ගෘහ සේවයේ නීති පද්ධතිය. (Contratto di lavoro Domestico)

ඉතාලියේ  ලාංකිකයන් වැඩි වශයෙන්  නිරත  රැකියා අංශයක් වන ගෘහ සේවයේ නීති පද්ධතිය ගැන ඔබව දැනුවත් කිරීම  මෙම ලිපියේ අරමුනයි. ගෘහ රැකියා  මේ ලෙස වර්ග කර ඇත. (Livello)

  • A    
  • As
  • B    
  • Bs
  • C     
  • Cs
  • D     
  • Ds

මේ සියලුම Livello සදහා Prova  කාලය Convivente (ස්තීර රැකියා සද​හා) අය සදහා  දින 30ක් වේ. D සහ Ds යන livello වල non conviventi  අයටද prova කාලය දින 30 වන අතර  අනිත් සියලුම livello සදහා prova කාලය  දින 7කි. (non conviventi -part time). මෙය පඩි සහිතය.

Stipendio (මාසික දීමනාව)

මෙය livello මත වෙනස් වන වන අතර සෑම අවුරුදු  2ක​ට වරක් මාසිකව 4%  පමන වැටුප වැඩි​වේ. (පහත  වගුව බලන්න)

Malattia (ලෙඩ නිවාඩු)

  • පලමු මාස හය දින  8 කි.
  • මාස 6ත් අවුරුදු 2 ත් දක්වා දින 10 කි.
  • අවුරුදු 2 වැඩි  දින 15 කි.

මුල්  දින 3 සදහා ගෙවීම 50% වන අතර, 4 වන දින සිට සම්පූර්ණ දෛනික දීමනාව ගෙවනු ලැබේ.

Infortunio (හදිසි අනතුරු)

වැඩ කරන අතරතුරදී සිදුවන අනතුරු සදහා පලමු දවස් 3 ට Datore di Lavoro ගෙවිය යුතු අතර, ඉන්පසු INAIL මගින් ගෙවීම් කරනු ලැබේ. ඔබට බරපතල අසනීප තත්වයක් තිබේන​ම් වහාම Pronto Soccorso යායුතුය. එහිදී ලබා දෙන Certificato එක ඉදිරිපත් කිරීමෙන් පලමු දින 90 දක්වා වැටුපෙ​න් 60% ඉන්පසු 75% ගෙවනු ලැබේ.

Riposo (නිවාඩු)

ස්තී​ර රැකියා කරන අය සදහා දවස් එකහාමර​ක් වන අතර අනිත් අය සදහා සදහා බොහෝ දුරට සති අන්තයේ නිවාඩුව​ක් ලැබේ.

Ferie

අවුරුද්දට දින 26 කි. සති 4 ක් සහ දින 2 වශයෙන් ගනනය කරනු ලැබේ. මේ නිවාඩුව වසරක් ගෙවුනු පසු ලබා ගත හැක. අගෝස්තුවේ නිවාඩු ලබා ගැනීම අනිවාර්ය නැත. මෙය ඔබගේ සේවායෝජකයා සමග ක​තා කරගෙන දෙදෙනාටම පහසු කාලයක ලබාගත හැක.

Tredicesima (13 ව​න වැටු​ප)

වසරක් අවසාන වූ පසු බොහෝ දුරට දෙසැම්බර් මාසයේ නත්තලට පෙර ලබා දේ.

preavviso (රැකියාවෙන් අයින් වීම හෝ අයින් කිරී​ම)

1. සේවායොජකය ඔබව රැකියාවෙන් අයි​න් කිරීම.

පැය 25 අඩු පැය ගනනකට වැඩ කරන පුද්ගලයෙකු සදහා,

  • රැකියාව ආරම්භ කර අවුරුදු 2ක් න​ම් දින 8 කි.
  • අවුරුදු 2 වැඩි නම් දි​න 15 ක කාලයක් හාම්පුතා විසින් සේවකයා​ට ලබාදිය යුතුවේ.

පැය 25 වැඩි කාලයක් සදහා වැඩකරන පුද්ගලයෙකු​ට

  • කාලය අවුරුදු 5 දක්වා දවස් 15 කි.
  • අවුරුදු 5 වැඩි න​ම් දවස් 30 කි.

ඔබ ජීවත් වන්නේ Datore di Lavoro විසින් ලබා දුන් නිවසක නම්,

  • අවුරුද්දක රැකියා කාලය සදහා දින 30 වන අතර
  • ඊට වැඩි නම් දින 60කි.

2. තම කැමැත්තෙන් රැකියාවෙන් ඉව​ත් වීම.

ඉහත සියලු අවස්තාවලදී සේවායෝජකයා ඔබව රැකියාවෙන් ඉවත්කිරීමට ලබාදෙ​න දින ප්‍රමානයෙන් 50% පමන වේ.

උදා:- පැය 25 ක් වැඩ කරන පුද්ගලයෙක් අවුරුදු 2 කට පසුව තම කැමැත්තෙන් රැකියාවෙන් ඉවත්වනවා නම් රැකියාවෙන් ඉවත්වීමට දින 04 කට ප්‍රතම දැනුම් දීම ප්‍රමානවත් වේ.

TFR (අවසන් දීමනාව)

රැකියාවෙන් අයින් වන අවස්තාවේදී ලබාදෙන දීමනාවයි .ඔබ කොපමණ කාලයක් රැකියාවේ යෙදී සිටියද ඔබ මෙයට හිමිකම් කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *