කොරෝනා නිසා හදුන්වා දෙන Green Pass එක,

ඉතාලියේ  Zona එකින් එක Zona Bianco බවට පත්වෙමින් තිබේ. මේ Zona Bianco වල බොහෝ දුරට ලිහිල් වූ නීති මාර්ග අනුගමනය කරනු ලැබේ. 

  1. ඇදිරි නීතිය (coprì fuoco) අහෝසිවේ.
  2. සීමා රහිතව Zona Bianco අතර ගමනාගමනය.
  3. ristoranti සදහා  නියමිත  වේලාවක් නොමැත.
  4. විවාහ මංගල්ල පැවත්වීම.
  5. palestra නැවත  විවුර්ත  කිරීම. 

මේ නීති ලිහිල් කිරීම  මගින්  කොරෝනා නැවත  හිස එසවීම  වැලක්වීම සදහා  නව ක්‍රමයක් රජය  විසින් හදුන්වා දීමට යයි.මේ සදහා ඔවුන් විසි​න් Green Pass නම් ක්‍රමයක් හදුන්වා දී තිබේ.

Green Pass යනුවෙන් නම්  කර ඇති මෙයට පුද්ගලයන්ගේ වර්තමාන  සෞඛ්‍ය තත්වය  (covid -19 ) ඇතුල් කරනු  ලැබේ .

  • corona සදහා  ලබා දී ඇති  එන්නත  හෝ
  • කොරොනා ආසාදිතව සිටියාද හෝ
  • පැය 48 තුල කරන  ලද COVID 19 පරීක්ෂණයක්.

ඉදිරියේදී  බොහෝදුරට  වැඩි  පුද්ගලයන් ප්‍රමාණයක් සහභාගි වන අවස්තාවන් සදහා  මේ Green Pass පත්‍රිකාව ඉල්ලා සිටිනු ඇත.මේවන විට අසන්නට ලැබෙන කරුනු අනුව CLUB, Discoteca සදහා මේ සංකල්පය හදුන්වා දීමට නියමිතයි. තවද Unione Europea (යුරෝපයේ) සංචාරය කිරීමට ද මෙය අවශ්‍ය වනු ඇත.

 

Thushanthi Srimali ඉතාලියෙ අපි ජොබ් බෑන්ක් සමූහය වෙනුවෙන්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *