2021 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා ඉන්දියාව,බංග්ලාදේශ්, බ්‍රසිලය හා ශ්‍රී ලංකාවට තිබු ගුවන් තහනම ඉවත්කලා ඔබට මතක ඇති. එය තව දුරටත් දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ග කර තිබේ. ඒ අනුව ඔබට ලංකාවේ සිට ඉතාලියට පැමිනීමට හැකියාව ලැබෙනවා.
ඒ අනුව ලංකාවේ සිටින ඔබට,
- ලංකාවෙන් පිටත්වීමට පැය 72 ක් තුල කරන ලද PCR වාර්තාව
- EU Digital Passenger Locator Form (dPLF)
- ඉතාලියේ දින 10 යක නීරෝදායනය
- දින 10 අවසානයේ නැවත කෝවිඩ් පර්ක්ශාවක් සිදු කල යුතු වේ.
EU Digital Passenger Locator Form (dPLF) එක පුරවන්න දන්නේ නැතිනම් මේ ලින්ක් එක බලාගෙන තනිවම තමන්ටම කරගන්න පුලුවන්. මෙය ක්ලික් කරන්න.
බොහෝ දෙනෙක් ඉතාලියට ආවාම කරන වැරැද්දක් තමයි දින 10 නිවසේ නීරෝදායනය නොවී රැකියා සදහා පිටත් වීම, ඩොකුයුමන්ට් වැඩ වලට කුස්තූරා, කොමූන,ප්‍රෙපෙත්තූරා යන ආයතන වලට යාම. මීට පෙර දින 10 සිටින්නේ නැතිව කුස්තූරා ආයතනයට ගිය පුද්ගලයෙකුගේ සොර්ජෝර්නෝව අවලංගු කල පුවතක්ද අපට අසන්නට ලැබුනි. එම නිසා ඉතාලියේ තිබෙන නීතියට ගරු කරමින් අදාල දින ගනන නිවසේ නීරෝදායනය වන්න.