දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද දින (අප්‍රියෙල් 29) නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඉතාලි සෞ_ඛ්‍ය අමාතය්‍යාංශය පැවසීය.

මෙයට පෙර ඉන්දියානු හා බංග්ලාදේශ් ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.

මෙම නීතිය ඉතාලි ජාතිකයන්ට බලපායිද?

මෙම නීතිය ඉතාලි පුරවැසියන්ට බලනොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුල්වීමට හැකියාව තිබෙන බවත් අමතයාංශය පවසයි. කෙසේ වෙතත් මෙය දින 15 ක් සදහා වලංගුවේ.ඉන්පසුව තත්වය සලකාබලා මෙය දීර්ගකිරීමක් හෝ අවලංගු කිරීම සිදුවිය හැක.

මේ අතර පෙරේදා දිනයේ ඉන්දියාවෙ නවදිල්ලි සිට ඊයේ රෝමයට පැමිණි AI1123 යානයේ මගීන් 300 අතුරින් 26 දෙනෙකු කෝ_වීඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.

මෙම එයා​ර් ඉන්දියා 1123 (AI1123) යානය පෙරේදා රෝම​යේ ලියනාඩො ඩාවින්චි ගුවන්තොටුපලට පැමිණ ඇත. ගුවන් ගමන ආරම්භ වී ඇත්තේ ඉන්දියාවෙ නවදිල්ලි ගුවන් තොටුපොළෙනුයි. මේ අතර කුඩා දරුවන් 28 දෙනෙකුද සිටියි.
ඔවුන් සියලු දෙනාම ඇන්ටි_ජන් පරික්ෂාවන් ට ලක්කර රෝමයේ ඇති නිරෝධා_යන මධ්යස්ථානයක් වෙත වෙන් වෙන් වශයෙන් රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here