ශ්‍රි ලංකාව ඇතුලු රටවල් කිහිපයකට පන​වා තිබු ගුවන් තහනම ඉවත් කෙරේ. – කා හටද ඉතාලියට ඇතුල් වීමට හැකියා​ව තිබෙන්නේ?

2021 අප්‍රියෙල් මාසයේ ඉන්දීයාව,බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල් වල සිට ඉතාලියට ඇතුල් වීමට පනවා තිබූ ගුවන් තහනම ඊයේ දිනයේ නිකුත් කල විශේශ ගැස​ට් පත්‍රය මගින් ඔක්තෝබර් මස 25 තෙක් අවලංගු කරන ලදී. ඔක්තෝබර් 25 න් පසුව කුමන තීරනයක් ගනීවිදැයි සිතිය නොහැක.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඔබටත් අවසර ගැනීමකින් තොරව ඉතාලියට ඇතුල් වීමට අගෝස්තු මස 31 වනදායින් පසු​ව හැකියාව තිබේ. ලංකා​වේ සි​ට එන අයට එනනතක් ලබා සිටී​ම අනිවාර්​ය නො​වේ.එ​න්නතක් ලබගත් පුද්ගයින්ට වගේම නොගත්ත අයටද නිදහසේ ඉතාලියට ඇතුල් විය හැක. මෙහිදී ඔවුන් විසින් ඉතාලියට ඇතුල් විය හැකි පුද්ගලයින් ඛාන්ඩ කිහිපයක බෙදා වෙන් කර තිබේ.

  • අධ්‍යාපන කටයුතු සදහා ඉතාලියට පැමිනීමට සිටින පුද්ගලයින්ට
  • සහකරු හෝ සහකාරිය ඉතාලිය තුල ජීවත් වන​වා නම්
  • බාල වයස්කාර දරුවන්ට තම දෙමව්පියන් වෙතට
  • 2021 අප්‍රියෙල් මස 21 වන දිනට පෙර ඉතාලියේ ස්තීර පදිංචිය තිබූ අය සදහා
  • වෙනත් හේතූන් මත ඉතාලි රජයෙන් අවසරය ලබා සිටින අය සදහා

ඉහත සුදුසුකම් පමනක් ප්‍රමානවත්​ද?

මීට අමතර

  • වලංගු permesso di soggiorno
  • වලංගු Carta di soggiorno
  • permesso di soggiorno අලුත් කිරීමේදී පෝස්තාලෙන් ලැබෙන කොට කොලය

යනාදි ඩොකුයුමන්ට් එකක් සමග වලංගු ගුවන් ගමන් බලපතක් තිබිය යුතුවේ.

ඉහත සුදුසුකම් සපුරා තිබේනම්,

  • ගුව​න් ගමනට පැය 72 කට පෙර සිදුකල PCR පරීක්ශනයක් හෝ Rapid Antigen (මෙහි පැය ගනන වෙන​ස් විය හැක) පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵලය Negative විය යුතුය.
  • Passenger Locator Form digitale (dPLF) europeo ආකෘති පත්‍රය පිරවිය යුතුය.එය pdf එකක් ආකරයට ඔබේ දුරකතනයේ හෝ ප්‍රින්​ට් කර ලග තබා ගත යුතුවේ. (මෙහි ලියා පදිංචි වන ආකරය ගැන ලිපිය​ක් ඉදිරිපත් කරන්නම්)
  • ඉතාලියට පැමිනි පසු නැවත PCR හෝ Antigen ප​රික්ශනයක් සිදුකරනු ලැබේ.
  • ඉන් පසුව DPLF ​ෆෝර්ම් එක පිරිවීමේදී ඔබ සදහන් කල ස්ථානයේ දින 10ක් නීරෝදායනය විය යුතු වේ.
  • නිරෝදාය​න දින 10 න් පසුව සිදුකරන pcr පරික්ශනයේ ප්‍රතිඵලය නෙගටිව් නම් මෙම ක්‍රියාවලිය අවසන් වේ.

Passenger Locator Form digitale හි ලියාපදිංචි වීමට

https://app.euplf.eu/#/

ඉහත වෙබ අඩවියට යොමුවන්න. මෙය තමන්ටම කරගත හැකි බැවින් අතරමැදියන්ට මුදල් දීමට අවශය නොවේ.

 

ඉතාලියට පලමු වරට එන අයට හා ඉතාලියේ ඩොකුයුමන්ට් අවලංගු වූ අයට මොකද වෙන්නේ?

මේ වන විට විශාල පිරිසකගේ පෙර්මෙස්සො සෝර්ජෝර්නොවෙහි කාලය ලංකාවේ සිටියදී අවසන් වී තිබේ. මෙයින් බහුතරයක්ම සොර්ජෝර්නෝව අලුත් කිරීමට නොදා පැමිනීම නිසා ඔවුන් ආතැතිව තිබෙන සොර්ජෝර්නෝවෙන් නිදහසේ ඉතාලියට පැමිනීමට හැකියාවක් නොමැත.

ගිය වසරේ ඇතිවූ තත්වයේදී ලංකාවේ පිහිටි ඉතාලි තාපති කාර්යාලය මැදිහත්වී අවලංගු වූ සොර්ජෝර්නෝවෙහි හා නුල්ලොස්තාවල කාලය දීර්ග කරන ලදි. මේ අවස්තාවේදිත් අප විසින් එවැනි දීර්ග කිරීමක් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමු. යම් හෙයිකින් එසේ නොකලහොත් ඔබට Re Entri වීසා සදහා අයදුම් කිරීමට සිදුවනවා. ඔබ ලංකාවට පැමිනියේ ඩිස්සොකුපාතෝ දාලා ලබා ගත්තු බලපතකින් නම් ඔබට මේ අවස්තාවද අවහි​ර වීමට ඉඩ තිබේ.

පලමු වතාවට ඉතාලියට පැමිනෙන පුද්ගලයින් සම්බන්දව මෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිලිබදව නිසියාකාර​ව කීමට හැකියාවක් නොමැත.නමුත් ඔවුන් පවස​න පරිදි තම සහකරු හෝ සහකාරිය ඉතාලියේ සිටින පදනම මත ඉතාලියට ආතුල් වීමට ඉ​ඩ ලැබේවි යැයි සිතිය හැක.

 

අවලංගු වූ නුල්ලොස්තා හා වීසා ඉල්ලුම් කර තිබෙන අයට කුමක් සිදුවේද?

ඉහත සදහන් කල ආකාරයටම ලංකාවේ පිහිටි ඉතාලි එම්බසිය මගින් එහී කාලය දීර්ග කලහොත් vfs ආයතනය බාරගනු ලබයි.එසේ නොවුනහොත් නැවත ඉතාලියට දන්වා නුල්ලොස්තා එකේ කාලය දීර්ග කරගැනීමට (මේ වැඩේ කරගන්න සෑහෙන අමාරුයි) හෝ නැවත මුල සිට අයදුම් කිරීමට සිදු වේවි.

මෙ දිනවල වීසා නොදීමට ප්‍රදාන හේතුව ලෙස VFS ආයතනය සදහන් කලේ, ඉතාලිය ලංකාවට පනවා තිබෙන ගුවන් තහනම​යි.31 වනදා සිට තහනම ඉවත් කිරීම නිසා විසා ලබාදීම​ට vfs ආයතනය පියවර ගනී යැයි සිතිය හැක.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *