|

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?

නිතිපතාම ඉදිරිපත් කරන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියන්න යන්නේ.

ඉතාලියෙන් පිටත කාලයක් ගත කළ හැක්කේ කාටද?

  • Permesso di soggiorno
  • permesso di soggiorno CE
  • Permesso di soggiorno UE බලපත්‍රයන් ඇත්තන්ට

ඔබට කොපමණ කාලයක් ඉතාලියෙන් පිටත රැඳී සිටිය හැකිද?

එය ඔබට ඇති බලපත්‍ර වර්ගය මත රඳා පවතී.අපි බලමු කොහොමද වෙන්නේ කියලා.

Permesso di soggiorno ඇති පුද්ගලයෙකුට නම් එය ක්‍රම දෙකකට සිදුවේ.

Permesso di soggiorno UE සහ permesso di Soggiorno CE බලපත්‍රය දරන්නන්න්ට යුරෝපා සංගමයෙන් පිටත රටක රැදී සිටිය හැක්කේ උපරිම මාස 12 කි.

  • ඔබගේ permesso di soggiorno එක වලංගු වන්නේ අවුරුද්දකට නම් අඛණ්ඩව මාස හයක් ඉක්මවා යා නොහැක.
  • ඔබගේ permesso di soggiorno එක වලංගු වන්නේ අවුරුදු දෙකකට නම් අඛණ්ඩව අවුරුද්දක් ඉක්මවා යා නොහැක.

දැන් සමහර අයට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.මට Carta soggiorno තියෙන්නේ ඒ වුනාට මම ලංකාවේ අවුරුදු 2/3 ක් හිටියා. මම කිසි ප්‍රශ්නයක් නැතිව ඉතාලියට ආවා. ඔයලා බය නැතිව අර එයාලයින් එකේ මේ විදියට එන්න.
මෙහෙමයි, කෙනෙක්ට එන්න පුලුවන් වුනාට තවත් කෙනෙක්ට නොහැකි වෙන්න පුලුවන්.ඒක ඔබේ වාසනාව හා ඒ මොහොතේ සිටින නිළදාරීන් අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා එක එක්කෙනාගේ දේවල් අහගෙන අමාරුවේ වැටෙන්න එ​පා.

 ඔබෙගේ අවසනාව නිසා ඔබට ගැටලුවක් වුවොත් මොකද වෙන්නේ??

ඇත්තටම ඉහත සදහන් කල කාලය ඉක්මවා ගිය පසු ඔබ නැවත පැමිනෙනවා නම් permesso di soggiorno එක අවලංගු කිරීමට හෝ carta soggiorno ( CE/UE) තිබෙන කෙනෙක් නම් ඔහුගේ හෝ ඇයගේ carta soggiorno එක අවලංගු කර permesso di soggiorno එක ලබාදීමටත් අවදානමක් තිබෙන්නට පුලුවන්. එබැවින් එය වළක්වා ගැනීම වඩා හොඳයි.

ඔබ නැවත පැමිණීමට ප්‍රමාදනම්?

එය කළ හැකි නමුත් රෝහල් ගත කිරීමක්, තමන්ගෙන් යැපෙන්නෙක්ගේ බරපතල රෝගී තත්වයක් වැනි බරපතල හේතු ඔප්පු වුවහොත් පමණි. ඔබ එසේ අදාල කාලය ඉක්මවා සිට ඉතාලියට පැමිනෙනවා නම් පැහැදිලිවම ප්‍රමාද වීම සාධාරණීකරණය කරන සියලුම ලියකියවිලි තබා ගත යුතුය.

ඔබ ලංකාවේ සිටින විට ඔබේ බලපත්‍රය කල් ඉකුත්වූයේ නම්?

බියවීමට හේතුවක් අවශය නැත. අවසර පත්‍රය දින 60 කට වඩා කල් ඉකුත්වී නොමැති බව පෙන්වා ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය වෙනුවෙන් Vfs ආයතනයට නැවත ඇතුළත් වීමේ වීසා බලපත්‍රයක් ( Reentry visa) සඳහා අයදුම් කිරීමෙන් ඉතාලියට ආපසු යා හැකිය.

බරපතල සෞඛ්‍ය හේතූන් ඇති වුවහොත් නැවත ඇතුළත් වීමේ වීසා බලපත්‍රයක් (Reentry visa) සඳහා ඉල්ලීමේ කාලය මාස 6 කට වඩා දීර්ග කර ගත හැකිය.

මේ දිනවල ඉතාලිය විසින් ලංකාවට ගුවන් තහනම් පනවා තිබෙන නිසා ඇතිවන ප්‍රශ්න මොනවාද?

බොහෝ දෙනෙකුගේ රැදී සිටීමේ බලපත ලංකාවෙදි කල් ඉකුත් වීම නිසා බොහෝ දෙනෙක් මේ දිනව ගැටලුකාරි තත්වයක පත්වී තිබෙනවා.මෙවෙනි අවස්තාවක ලංකාවේ පිහිටි ඉතාලි තානපති කාර්යාලය රැදී සිටීමේ බලපතෙහි කාලය දිර්ග කලා යැයි පැවසුවහොත් ඉතාලිය ගුවන් තනම ඉවත් කල විට ඔබට නිදහසේ ඉතාලියට ඇතුල් විමේ අවස්තාව තිබෙනවා.

යම් විදියකින් එසේ නිවේදනය්ක් නිකුත් නොකලහොත් ඔබට ඒ සදහා Reentry visa සදහා ඉල්ලුම් කිරීමට සිදුවනවා. Disoccupazione හෙවත් රැකියා විරහිතව සිට රැදී සිටීමේ බලපතට අයදුම් කර සිටින කෙනෙක් නම්  Reentry Visa ලබාගැනීමේ අවදානමක බව මේ මොහොතේ කිව යුතුය.මක්නිසාදයත් එවැනි බලපතක් ඔබ වෙත ලබා දෙනුයේ ඉතාලිය තුල රැකියාවක් සොයාගැනීමට අවස්තාවක් ලබාදීමටයි.

රැදී සිටීමේ බලපත අලුත් කරන විට පොස්තාලෙන් ලැබෙන (කොට කොලයෙන්) කොලයෙ​න් වෙනත් රටකට ගමන් කල හැකිද?

මේ ප්‍රශ්නය මේ දිනවල බොහෝ දෙනෙක්ට ආතිවී තිබෙනවා. ඉතාලිය පවසන ආකාරයට රැදී සිටීමේ බලපත අලුත් කිරීමේදි ලැබෙන කොට කොලයෙන් තම් මව් බිමට යාමට හා ඒමට පමනක් අවස්තාව උදාවේ. මෙහිදි ගුවන් ගමනේදී තවත් යූරෝපීය නොවන් රටක් හරහා යාමටද හැකියාව තිබේ.

කෙසේ වෙතත් ලංකාවට පනවා තිබෙන තහනම නිසා බොහෝ දෙනෙක් මෙම කොට කොලයෙන් වෙනත් රටක් දින 14ක් ගත කර ඉතාලියට ආතුල් වීමට උත්සහ කරන අවස්තාත් දක්නට ලැබුනා. මෙහිදි කිව යුතුම දේ නම් ඔබගේ වාසනාව අනුව බබරේ වැල්ලේද කැරකේ. ඒ නිසා හැමෝම වල්ලේ බබරේ කරකවන්න යන්න එපා.

Viaggiare con permesso di soggiorno scaduto: quando si può

Come abbiamo anticipato, in alcuni casi si può viaggiare all’estero nonostante il permesso di soggiorno sia scaduto ma è necessario aver fatto domanda per il rinnovo. Infatti, dopo la richiesta di rinnovo, gli uffici di Poste Italiane rilasciano al richiedente una ricevuta che indica dati anagrafici, nazionalità, gli estremi del permesso di soggiorno e la data in cui la richiesta di rinnovo è stata presentata.

Dove si può andare con permesso di soggiorno scaduto e ricevuta di rinnovo? Sono consentiti soltanto i viaggi verso il Paese di origine (andata e ritorno in Italia), senza potersi fermare – nemmeno per lo scalo – in uno Stato dell’area Schengen.
E se l’aereo fa scalo in uno o più Paesi fuori dalla zona Schengen? In tal caso si dovrà chiedere informazioni più dettagliate all’ambasciata o al consolato e controllare le restrizioni previste in base alla propria nazionalità.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *