ඉතාලියේ ජීවත් වන රැකියාවක් කරන බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි අපි වැඩ කිරීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු Inps මුදල් නිසියාකාරව ගෙවා ඇත්ද යන්නයි.

ඔබ ඉතාලියේ රැකියාවක් කල දිනයේ සිට අද දක්වා ඔබගේ සේවායෝජකයන් ඔබ වෙනුවෙන් ගෙවා තිබෙන inps මෙමගින් බලාගන්න පුලුවන්.

පලමුව Inps වෙබ් අඩවියට යන්න.

ඔබට spid එක තිබෙනවා නම් spid එක මගින් වෙබ් අඩවියට ඇතුල්වන්න.

ඔබ මේ වෙද්දි වෙබ් අඩවිය ඇතුලට ඇවිල්ලනේ ඉන්නේ.

දැන් මේ ආකාරයට තෝරගන්න.

ඔබ ඉතාලියට ඇතුල් වූ දවසේ සිට කල සියලුම රැකියාවන් පිලිබද හා ඔබ සේවය කල ආයතන හෝ පුද්ගලයින්ගේ නම් මෙහිදි බලාගන්න පුලුවන්.

කැමති නම් ඔබට මෙය ප්‍රින්ට් කරගන්නත් පුලුවන්.

තවත් ක්‍රමයක් තිබෙනවා මේ ලිස්ට් එක ගන්න. මේකේදි අර ක්‍රමයට වඩා වෙනස් විදියකට තමයි ලිස්ට් එක පෙන්වන්නේ.
මෙතනදි අවුරුද්දකට ඔබ වැඩ කල සති ගානත් බලන්න පුලුවන්.

මේ විස්තරය ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා සිතනවා.ඔබ වෙනුවෙන් ඔබගේ ආයතනය inps ගෙවලා නැත්නම් මෙය පෙන්වලා inps ගෙවන්න කියලා ඔබට දැන් කියන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here