ඔබේ දරුවාත් ඉතාලියේ පාසල් යවන්න ලෑස්තිද ?

ඉතාලියේ සිට ශ්‍රීලංකාවට ස්ථීර පදිංචිය සදහා ගිය බොහෝ අය නැවත පවුල් පිටින් ඉතාලිය බලා පැමිණෙන මෙවැනි අවස්ථාවකදී හැමෝම මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි.

මේ ලිපිය සකස් කරන්නේ ඔබේ දරුවන් ඉතාලියේ අධ්‍යාපනය පද්ධතියට සම්බන්ධ කරන ආකාරය ගැන ඔබව දැනුවත් කිරීම වෙනුවෙනි.

ඔබේ දරුවා පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසුවේ නම් ඉතාලියේ තුල පාසල් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඔවුන්ට හිමිවේ. ඉතාලි භාශාව දැන සිටීම අවශ්‍ය නොවේ. ඔබ කල යුත්තේ දරුවාගේ වයස අනුව සුදුසු පාසල් පද්ධතිය තෝරා ගැනීමයි.

වයස 6 සිට 11 දක්වා (Scuola Elementare)

වයස 11 සිට 14. (Scuola Media)

14 වැඩි (Superiore)

ලෙස ප්‍රධාන වශයෙන් බෙදා ඇතිමුත් දරුවාගේ ඉතාලි බාශා දැනුම මත වසරක් අඩුවෙන් ඇති පන්තියකට දරුවාව යොමු කෙරේ. බොහෝ දුරට එවැනි දරුවන් සදහා අමතර ඉතාලි භාශා ගුරුවරුන් ලබාදේ. පාසල් සදහා ඇතුලත් කිරීමට ඔබේ ප්‍රදේශයේ පිහිටි පාසල් සමග සම්බන්ධ වීම ප්‍රමානවත් වේ. නැතිනම් ඔබ පදිංචි comune සමග සම්බන්ධ වන්න. Residenza නැතිවුවද දරුවන් පාසල් ඇතුලත් කර ගන්නා අතර Isee මගින් කුඩා දරුවන්ගේ දිවා ආහාරයට සහන ලබාගත හැක.

වයස 16 වැඩි දරුවන් ඉතාලියට පැමිනීමේදී Comune මගින් ඇති ඉතාලි භාශා පාසලකට ඇතුලත් වීමෙන් පසුව අද්‍යාපනය පද්ධතියට සම්බන්ධ විය හැකිය. මේ සදහා ඉතාලිය පුරාම පාසල් පිහිටුවා ඇත. Scuola Serale හෝ වැඩ කරන ගමන් පාසල් අධ්‍යාපනය ලැබීමට මේවා වලින් පහසුකම් සපයා ඇත. Scuola cpia මගින් ඉතාලි භාශාව සහ Scuola Media (O/L) විභාග සදහා සියලුම වයස කාන්ඩයන් සූදානම් කරනු ලැබේ. ලියාපදිංචිය සදහා පමනක් යූරෝ 30 වැනි මුදලක් අය කරනු ලැබේ.

ඉන්පසුව වැඩිදුර අධ්‍යාපනය සදහා යොමුවිය හැක. පාසැල් අතහැර ගිය දරුවන් සදහා Comune මගින් විවිධ පාඨමාලා ක්‍රියාත්මක වන අතර දරුවන්ගේ කැමැත්ත මත තෝරාගැනීම් කල හැකි වේ. නමුත් මේවා වල ඉගැන්වීම් මූලික වශයෙන් ඉතාලි භාශාවෙන් නිසා පලමුව නිවැරදි ලෙස භාශාව හැදෑරීම සුදුසු වේ. වැඩි විස්තර සදහා ඔබ පදිංචි Comune හි Educazione හෝ Welfare අංශය සමග සම්බන්ධ වෙන්න.

බොහෝ දුරට ලංකාවේ අධ්‍යාපනය සහතික Scuola Mmedia හෝ Superiore ලෙස පිලිගන්නා අතර මේවා Embassy මගින් සහතික කිරීම කල යුතුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *