ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලංකීකයෙක් මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අයුරු

මරණය අප සියලුදෙනටම  මුහුණදීමට සිදුවෙන පොදු නියායකි. ඉතාලියේ ජීවත්වෙන ලාංකිකයකු මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු ඉතාලිය තුල සිදුකිරීමට හෝ දේහය ලංකාවට රැගෙන යාමට අවශ්‍ය විටදී ඒ සදහා අවසර ප්‍රතය Nulla osta ලබාගැනීමට ඉදිරිපත්ල කලයුතු ලිපි ලේඛණ.

  • මියගිය පුද්ගලයාගේ වලංගු ගුවන් ගම​න් බලපත හා ඡායාපිටපතක්.
  • ඉතාලි රැදි සිටී​මෙ බලපත (permesso di sogiorno) හා ඡායා පිටපතක් .
  • කොමුනේ මගින් නිකුත්කරන මරණ සහතිකය International Deth Certificate හා  ඡායා පිටපතක් .
  • පශ්චාත් මරණ පරීක්ෂණ වර්තාව එය සිදුකර ඇතිනම් Mortem Report හා ඡායා පිටපතක් .
  • කොමූනිය මගින් නිකුත් කල අදාහාන හෝ භූමදාන අවසර ලිපිය Burial or Cremeation Permit හා ඡායා පිටපතක්
  • ශ්‍රී ලංකාවට රැගෙන යන්නේනම් දේහය නිසි පරිදි මුද්‍රා තබා වසා ඇතිබව සදහන් ලිපිය හා ඡායා පිටපතක්.

මියගිය පුද්ගලයාගේ ඉතාලියේ සිටින ලගම නෑයෙක් තම අනන්‍යතාව සහතික කිරීම සදහා ඔහුගේ රැදිසිටීමේ බලපත, හැදුනුම්පත හා ගුවන්ගමන් බලපත රැගෙන තානාපති/කොන්සියුලර් කාර්යලයට පැමිණ අදාල මරණ ප්‍රකාශය ලිඛිතව ලබාදිය යුතුවේ.

විවාහක පුද්ගලයකු නම් ඔහුගේ ස්වාමිපුරුෂයා/බිරි​ද ඉතාලියේ ජිවත් වන්නේ න​ම් ඔවුන් තම විවාහ සහතිකය සමග කාර්යාලයට පැමිනිය යුතුවේ. එසේ නොමැතිනම් ඔ​හු හෝ ඇය ලංකාවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයට ගොස් අදාල මෘත දේහය ඉතාලියේ අදහනයට හෝ ලංකාවට ගෙන්වා ගැනීම සදහා තම එකගතාවය ලගම ඥාතියාට ලබාදිය යුතුවේ. අවිවාහකයෙකු නම් දෙමාපියන්/සහෝදරයන් අදාළ එකගතාව ලබාදුන් පසුව nulla osta ලිපිය නොමිලේ නිකුත්කරනු ලැබේ.

මරණය සිදුවී මාස 3 ඇතුලත ශ්‍රී ලංකා මරණ සහතිකය ලබා ගැනීම සදහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කල යුතුවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *