|

සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]

වර්ගය, ආගම, ජාතිකත්වය, යම් සමාජ කණ්ඩායමක් හෝ දේශපාලන මතයක් පදනම් කරගෙන පීඩා විඳින්නාවූ භීතියෙන් පෙළෙන්නාවූ, බියක් ඇති කරගත් තැනැත්තෙකු තම රටේ ජීවත් වීමට බියෙන් හෝ ජාතිකත්වය අහිමිවීමෙන් වෙනත් රටක ජිවත් වීමේ අයිතිය ඉල්ලයිද ඔහු සරණාගතයෙකි.

සරණාගතත්වය ඉල්ලුම් කර කොමිසමට යෑමට පෙර ඔබට ඇතිවන ගැටලු කිහිපයක පිළිතුරු.

සරණාගතවයට අයදුම් කල රිසිට් පත්‍රයෙන් වැඩ කල හැකිද?

22 comma 1 dlgs 142/2015 stabilisce che dopo 60 giorni dalla presentazione della domanda di asilo, è possibile svolgere attività lavorativa.
22 comma 1 dlgs 142/2015 යටතේ සරණගාතත්වයට අයදුම්පත් යොමුකර දින 60 කට පසුව රැකියාවක් කල හැකිය.
Questura ආයතන​ය විසින් නිකුත් කරන ලද තාවකාලික පදිංචි බලපත්‍රයේ ද මෙම හැකියාව නිශ්චිතව දක්වා ඇත. අයදුම්පත්රයෙන් දින 60 කට පසුව, රැකියා කොන්ත්රාත්තුවට ඇතුල් වීමට හා රැකියාවක නිරතවීමට නීතිමය හැකියාවක් තිබේ.

සරණාගත ඉල්ලුම් පත්‍රයකින් ඉතාලියෙන් පිටත වෙනත් රටකට යා හැකිද?

සරණාගතයින් සඳහා පදිංචි අයදුම් පත්‍රයෙ​න් ඔබට වෙනත් යුරෝපීය රටකට ඇතුළු වීමට හෝ රැඳී සිටීමට අයිතියක් නොමැත.

ඔබට ඉදිරිපත් කල හැකි සාක්ශි මොනවද?

මේ සදහා නිශ්චිත ලැයිස්තුවක් නෑ.ඔබේ කතාව සහතික කිරීමට හැකි ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුලුවන්.
ඔබට මේ සදහා ලිඛිත ලේඛන වුවද ඉදිරිපත් කල හැක. ඔබට හැකියාවක් තිබෙන භාශාවකින් එය ලියන්න පුලුවන්. ඒ වගේම ඔබට සහය වීමට භාශා පරිවර්තකයෙකුගේ සහයද ඔබට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

සරණාගත්වය ඉල්ලා අස්කර ගැනීම.

සරණාගත ඉල්ලීම ප්රතික්ෂේප කළ හැකිය. පොලිස් මූලස්ථානයට ගොස් ඔබට සරණාගත අයදුම්පත අවලංගු කිරීමට අවශ්‍ය බවත් ගමන් බලපත්‍රය ආපසු ලබා දෙන බව​ට ඉල්ලීම් කල හැකිවේ.

සරණාගත ඉල්ලීම අවසර පත්‍රයෙන් පවුලේ කෙනෙක්ව ගෙන්විය හැකිද?

එය කිසිවිටෙකත් කල නොහැක.

ඔබ සරණාගතයෙක් ද නැද්ද යන වග තීරණය කරන්නේ ඔබ අයදුම් පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොමිසමක් හමුවේ විභාගයට ගැනීමෙනුයි. එහිදී ඔබ ජීවත රට ඔබගේ ආගම ජාතිය හෝ ජනවර්ගය පදනම් කරගෙන ඔබට අපට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති බව ජිනීවා ප්‍රඥප්තියට අනුකූලව ඔප්පු කිරීමට හැකි වුවහොත් ඔබ සරණාගතයෙක් බව කොමිසම විසින් තීරණය කරනු ලබයි.

ඉන් අනතුරුව දේශපාලන රැකවරණය හෝ සරණාගත සරණාගතභාවය වෙනුවෙන් permesso di soggiorno per asilo politico බලපත්‍රයක් ඔබට ඉල්ලුම් කළ හැකි ය. පළමු ඉල්ලුම් කිරීම Questura එක මාර්ගයෙන් ඉල්ලුම් කල යුතුය.

මෙම සෝජෝන් එකේ ලක්ශණ.

  • උපරිමය වසර පහකි
  • නැවත අලුත්කල හැක.
  • අධ්යාපන කටයුතු කරගෙන යෑමට අවසර ඇත
  • රැකියාවක් කිරීමට හැකිය
  • රාජ්‍ය ආයතන වල සේවාවන් ලබාගත හැක.
  • ඉතාලි සෞඛ්ය සේවාවේ ලියා පදිංචි සේවාවන් ලබාගත හැක.
  • ආබාධිත වීමකදී හෝ මාතෘත්වයට පත්වීමේදී හෝ රැකියාවක් අහිමි වීමේ දී සාමාන්ය පුරවැසියකුට ලැබෙන වරප්රසාද වලට අයිතිවාසිකම් කීමට හැකි වේ.
  • නිසි කාලය සම්පූර්ණ කිරීමෙන් පසු දීර්ඝ කාලීන අවසර පත්රය (කාර්තා සෝජෝර්නෝ) සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව ද පවතී

Similar Posts